ප්‍රසන්න මානව හිමිකම් කොමිසම ගැන අසතුටින් . . .

2022 වසරේ මැයි මස 9 වන දා උඩුගම්පළ පිහිටි තම නිවස ගිනි තබා විනාශ කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කළ පැමිණිල්ල ගැන විමර්ශනය ප්‍රමාද වීම පිළිබඳව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මානව හිමිකම් කොමිෂන් සභාවට ලිපියක් යොමු කර තිබේ.

අමාත්‍යවරයා පසුගිය 16 වන දා මානව හිමිකම් කොමිෂන් සභාවට යොමු කළ ලිපිය මගින් පෙන්වා දී ඇත්තේ, නිවස ගිනි තැබීමේ සිදු වීම සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිෂන් සභාවේ පෙනී සිටීම සඳහා දිනයක් හා වේලාවක් ලබා දෙන ලෙසට තමන් ලිඛිතව අවස්ථා හතරකදී ඉල්ලීම් කළ බව ය.

එම පැමිණිල්ලට අනුව, නිවස ගිනි තැබීම සම්බන්ධයෙන් කරුණු විමසීමට පසුගිය වසරේ අගෝස්තු මස 29 වන දා පෙ.ව. 10.00ට මානව හිමිකම් කොමිසම හමුවේ පෙනී සිටින ලෙසට කොමිසමේ ලේකම්වරයා සිතාසියක් මගින් තමන්ට දැනුම් දුන්න ද එදින පාර්ලිමේන්තු දිනයක් වූ බැවින් ඒ සඳහා වෙනත් දිනයක් ලබා දෙන ලෙසට රණතුංග මහතා විසින් ලිඛිතව මානව හිමිකම් කොමිෂන් සභාවට දැනුම් දෙනු ලැබ තිබේ.

එබැවින් තම පැමිණිල්ල පිළිබදව කොමිසමේ අවධානය යොමු කර ඒ සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීමට කඩිනමින් තමන්ට සුදුසු දිනයක් හා වේලාවක් ලබා දෙන ලෙසට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග පසුගිය 16 වන දා මානව හිමිකම් කොමිෂන් සභාවට යොමු කළ ලිපිය මගින් වැඩිදුරට ත් ඉල්ලා ඇත.

 

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

පන්දම් විරෝධයට මැර ප්‍රහාරයක් . . .

Mon Mar 20 , 2023
වැඩිවූ විදුලි බිලට එරෙහි ව විරෝධතාවයක මැර ප්‍රහාරයක් එල්ල වූ බව විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ජාතික ලේකම් ධම්මික සංජීව පවසයි. විරෝධයට සැරසෙද්දී ප්‍රබල දේශපාලනඥයකුගේ ලේකම් වරයකු බව කියන පුද්ගලයකු හා හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් දෙදෙනකු ඇතුළු පිරිසකගෙන් මැර ප්‍රහාරය එල්ල කළ බව ද ඔවුහු චෝදනා කරති.  එල්ල වූ මැර ප්‍රහාරයට […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x