“මම නෙමෙයි” ජාත්‍යන්තර ඇගයීමට පාත්‍රවෙයි . . .

නාට්‍යවේදී එම්. සෆීර්ගේ කුළුඳුල් සිනමා අධ්‍යක්ෂණය වන ‘මම නෙමෙයි’ චිත්‍රපටය මධ්‍යම ඇමරිකාවේ කොස්ටාරිකා රාජ්‍යයේ පැවැති 09 වෙනි සෙන් ජෝස් ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේදී ජූරියේ ඒකමතික ඇගයීමට ලක්ව තිබේ.

ඒ අනුය එම චිත්‍රපටය පර්යේෂණාත්මක වෘතාන්ත අංශයේ හොඳම චිත්‍රපටය බවට තෝරා ගෙන ඇත.

සමස්ත චිත්‍රපට උළෙල සඳහා චිත්‍රපට 600කට වැඩි ප්‍රමාණයක් තරග කර ඇති අතර ඉන් චිත්‍රපට 58ක් අවසන් තරගය සඳහා තොරාගෙන තිබේ. එම චිත්‍රපට 58 අතරින් චිත්‍රපට 10ක් සම්මානයට පාත්‍රවී ඇති අතර මෙම පර්යේෂණාත්මක වෘතාන්ත අංශය සඳහා නොර්වේ, ඉන්දියාව වැනි රටවල චිත්‍රපට මෙන්ම ශ්‍රී ලංකා චිත්‍රපට කිහිපයක්ද තරග කර තිබේ.

පසුගිය ජනවාරි මාසයේ ඩකා ජාත්‍යන්තර චිත්‍රපට උළෙල නියෝජනය කිරීමෙන් පසු, මෙම වසරේ නොවැම්බර් මස කුවේට් හීදි පැවැත්වුනු AIU ජාත්‍යන්තර චිත්‍රපට උළෙල සඳහාත් ලබන දෙසැම්බර් මස ඉන්දියාවේ මුම්බායි හිදි පැවැත්වෙන Third Eye ජාත්‍යන්තර චිත්‍රපට උළෙල සඳහාත් ලබන ජනවාරි මස ඉන්දියාවේ කේරලයේ දී පැවැත්වෙන 7th IFFF-International Folklore ජාත්‍යන්තර චිත්‍රපට උළෙල සඳහාත් ජාත්‍යන්තර තරගකාරී අංශය නියෝජනය කිරිම සඳහා ‘මම නෙමෙයි’ චිත්‍රපටය තේරී පත්ව තිබීමද විශේෂත්වයකි.

  • lankatruth
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

අත් ඔරලෝසුවේ සැඟ වූ මත් කුඩු . . .

Mon Nov 27 , 2023
බැඳ සිටින අත් ඔරලෝසු තුල මත්කුඩු පැකට් සඟවා ප්‍රවාහනය කරන අලුත්ම ක්‍රමයක් අනාවරණය කර ගැනීමට හැකි වූ බව මොරගහහේන පොලිසිය  කියයි. ඔලුබොඩුව  ප්‍රදේශයේ දී  සැකකරු සැකපිට අත්අඩංගුවට  සිදු කළ පරික්ෂාවේදී  මත් කුඩු පැකට් ප්‍රවාහනය කරන  ක්‍රමය අනාවරණය කර ගැනීමට හැකි වූ බව පොලිසිය  සදහන් කරයි. සැකකරු හොරයින් මත්කුඩු  පැකට් ප්‍රවාහනය […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x