පාකිස්ථානයේ ලාහෝර් හි සියලුම ව්‍යාපාර රාත්‍රී 10.00 වන විට වසා දමන ලෙස මහාධිකරණය නියෝග කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා. ඒ සෑම දිනකම නගරයේ ඉහළ යන පරිසර දූෂණයට එරෙහිව සටන් කිරීමේ උත්සාහයක් ලෙසයි. සියලුම වෙළඳපලවල්, ආපනශාලා සහ අනෙකුත් ව්‍යවසායන් රාත්‍රී 10.00 ට වසා දැමීමටයි පාරිසරික පෙත්සම් කිහිපයක් විභාග කිරීමෙන් […]

කොළඹ, වික්ටෝරියා පාලම මතින් ගමන් කරමින් සිටි පොලිස් සැරයන්වරයෙකු කැළණි ගඟට ඇදවැටී අතුරුදන්ව තිබෙනවා. එලෙස අතුරුදන්ව ඇත්තේ බම්බලපිටිය පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයට අනුයුක්තව රාජකාරි කළ පොලිස් සැරයන් එච්. ජයලත් නමැති නිලධාරියා බවයි ග්‍රෑන්ඩ්පාස් පොලිසිය සඳහන් කළේ. මේ අතර වික්ටෝරියා පාලම මත තිබී සැරයන්වරයාට අයත් ජංගම දුරකථනයක් නාරාහේන්පිට පොලිස් රෝහලෙන් ප්‍රතිකාර […]

මේ දිනවල දෙහි කිලෝග්‍රෑමයක මිල රුපියල් 3000 දක්වා ඉහල ගොස් තිබේ. පවතින දෙහි හිඟය හේතුවෙන් ඇතැම් වෙළඳසැල්වල සාමාන්‍ය තත්ත්වයේ දෙහි ගෙඩියක් රුපියල් 100ක මිලකට අළෙවි වෙයි. එමෙන්ම මෙම දෙහි මිල ඉහළ යෑමත් සමඟ ගොටුකොළ අළෙවියේ අඩුවක්ද පවතින බවයි වෙළඳපොළ ආරංචිමාර්ග සදහන් කරයි. aruna

මෙරට ළමුන් මැලේසියාව හරහා වෙනත් රටවලට යැවීමේ ජාවාරම සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශයේ අවධානය යොමුවිය යුතු බව කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ පවසන්නීය. අද (30) පාර්ලිමේන්තුවේ දී දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා යොමු කළ පැනයකට පිළිතුරු දෙමින් රාජ්‍ය අමාත්‍යවරිය මේ බව සඳහන් කළාය. “මිනිස්සු කම්පනයට පත්කළ පුවතක් මේ දරුවන් 13 […]

ද්වාරකා ප්‍රභාකරන් ලෙස මහ විරුදිනය දා පෙනී සිටියේ ඩයස්පෝරාවෙන් කුලියට ගත් රාජරත්නම් මිත්තුයා බවට බුද්ධි අංශ හෙලි කර ඇත. කොටි සංවිධානයේ හිටපු නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ දියණිය ද්වාරකා ප්‍රභාකරන් ලෙස පෙනී සිටිමින් මහවිරු දිනය දා රූපවාහිනී නාලිකා කීපයක් ඔස්සේ දෙමළ ජනතාව ඇමතූ කාන්තාව දෙමළ ඩයස් පෝරාව විසින් කුළියට ගත් කාන්තාවක් බවත් ඇය විසින් […]

දේශබන්දු තෙන්නකෝන් වැඩබලන පොලිස්පති ලෙස පත්කිරීම කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමියන් පිළිකුළෙන් යුතුව හෙළා දකී. කතෝලික සභාව අවධාරණය කරන්නේ දේශබන්දු තෙන්නකෝන් වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කිරීම කතෝලික සභාව දැඩි ලෙස හෙළා දකින බවය. මෙම පත්කිරීම පාස්කු වින්දිතයින් විශාලතම අවමානයක් ලෙස අගරදගුරු හිමියෝ කියා සිටිති. කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් […]

පළාත් පාලන මැතිවරණයට නාමයෝජනා දුන් රාජ්‍ය සේවකයින් ඔවුන් සේවය කළ ස්ථානයටම යළි අනුයුක්ත කිරීම පිළිබඳව රජයේ අවදානය යොමු වී ඇති බව පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර පැවසීය. එම සේවකයන් පෙර සේවා ස්ථානයටම යළි අනුයුක්ත කිරීමට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවත් අභියාචනා ඉදිරිපත් කර ඇති […]

රාගම මහ රෝහලේ පිළිකා රෝගී ප්‍රතිකාර ඒකකය අසල මාර්ගයේ යතුරු පැදියක සිට පිළිකා රෝග ඖෂධ අලෙවි කිරීමේ නිරතව සිටි ජංගම වෙළෙන්දෙකු සිය බාරයට ගත් බව ජාතික ඖෂධ නියාමක අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් කාර්යාලය සදහන් කරයි.  එම කාර්යාලයට ලැබී ඇති තොරතුරක් මත අදාල ස්ථානය අසල රැඳී සිටියදී යතුරු පැදියක කූල් පෙට්ටියක තුල අසුරා ඖෂධ […]

හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ අධිකරණයට අපහාස කළ බව කියමින් නීතිඥවරයෙකු විසින් අභියාචනාධිකරණයට පෙත්සමක් ගොනු කරනු ලැබ ඇත. රොෂාන් රණසිංහ පාර්ලිමේන්තුවේදී සිදුකරන ලද ප්‍රකාශයක් හේතුවෙන් මෙසේ අධිකරණයට අපහාස වී ඇතැයි සඳහන් කරමින් ඒ සම්බන්ධයෙන් දඬුවම් නියම කරන ලෙස ඉල්ලා මෙම පෙත්සම ගොනුකරනු ලැබුවේ නීතිඥ ඩිමිට්‍රි ශිරාස් පියට්‍රාංජලී විසිනි. එම පෙත්සමේ […]

වැඩබලන පොලිස්පතිවරයා ලෙස දේශබන්දු තෙන්නකෝන් අද (30) පෙරවරුවේ පොලිස් මූලස්ථානයේ දී සිය ධුරයේ වැඩ භාර ගනු ලැබීය. සර්ව ආගමික වතාවත් මධ්‍යයේ ඔහු වැඩ භාර ගත් අතර උසස් පොලිස් නිලධාරීන් රැසක් එම අවස්ථාවට එක්ව සිටියේය. ජනාධිපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයා ලෙස දේශබන්දු තෙන්නකෝන්  ඊයේ (29) පත් කිරීමෙන් අනතුරුව ඔහු කොළඹ හුණුපිටිය ගංගාරම […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.