අත් ඔරලෝසුවේ සැඟ වූ මත් කුඩු . . .

බැඳ සිටින අත් ඔරලෝසු තුල මත්කුඩු පැකට් සඟවා ප්‍රවාහනය කරන අලුත්ම ක්‍රමයක් අනාවරණය කර ගැනීමට හැකි වූ බව මොරගහහේන පොලිසිය  කියයි.

ඔලුබොඩුව  ප්‍රදේශයේ දී  සැකකරු සැකපිට අත්අඩංගුවට  සිදු කළ පරික්ෂාවේදී  මත් කුඩු පැකට් ප්‍රවාහනය කරන  ක්‍රමය අනාවරණය කර ගැනීමට හැකි වූ බව පොලිසිය  සදහන් කරයි.

සැකකරු හොරයින් මත්කුඩු  පැකට් ප්‍රවාහනය කරන බවට මොරගහහේන පොලිසියේ ස්ථානාධිපතිවරයාට ලද තොරතුරකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන දැඩි පරීක්ෂාවට ලක් කළත් මත් කුඩු පැකට් සොයා ගැනීමට නොහැකි වූ බැවින් ඇති වූ සැකයක් මත පැළඳ සිටි අත් ඔරලෝසුවේ පිටුපස කවරය  ගලවා සිදුකළ  පරික්ෂාවේදී ඒ තුළ මත්කුඩු පැකට් තුනක් ඉතා සූක්ෂම ලෙස අසුරා තිබියදී  සොයා ගැනිමට හැකි වු බව පොලිසිය කියයි.

පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචි සැකකරු 33 හැවිරිදි පුද්ගලයකු බවත් සැකකරු මේ  ආකාරයෙන් සැකයක් ඇති නොවන පරිදි මත්කුඩු පැකට් විවිධ  ප්‍රදේශවලට බෙදා හැර ඇති බව   පොලිස් විමර්ශනවලදී  අනාවරණය වි ඇත.

සැකකරු කාන්තාවන් මුදලට අලෙවි කරන ස්ථානයක  කළමනාකරු ලෙස සේවය කරන්නෙකි.

සැකකරු හොරණ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත්  කිරීමට නියමිතය.

  • dinamina
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

‘සක්‍යා’ හිමිකරු බණ්ඩාර දිසානායකට අධිකරණ නියෝගයක් . . .

Mon Nov 27 , 2023
පානදුර sakkya academy high education අධ්‍යපනය ආයතනය පවත්වාගෙන යන ගොඩනැගිලි පරිශ්‍රයේ “බදු ගිවිසුම” උල්ලංඝනය කරමින් මාස හයකට අධික කාලයක් නීති විරෝධීව රැඳී සිටිමෙන් සිදුවූ අගතියට රුපියල් එක්කෝටි හැටපන් ලක්ෂයක (16500000.00)වන්දියක් ගෙවන්නැයි නුගේගොඩ දිසා අධිකරණය සක්‍යා අධ්‍යාපන ආයතනයට නියෝග කළේය . පානදුර සක්‍යා academy ගොඩනැගිල්ල හිමිකාරත්වය දරණ දිල් හෝල්ඩිං පුද්ගලික සමාගම […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x