වලාකුළු වල ක්ෂුද්‍ර ප්ලාස්ටික් . . .

ජපානයේ පර්යේෂකයන් විසින් වලාකුළු වල ක්ෂුද්‍ර ප්ලාස්ටික් පවතින බව තහවුරු කර ගෙන තිබේ.

ඒවා තවමත් සම්පූර්ණයෙන් වටහාගෙන නොමැති ආකාරවලින් දේශගුණයට බලපෑම් සිදුකරන බව එම පර්යේෂකයන් සඳහන් කරයි.

Environmental Chemistry Letters හි ප්‍රකාශයට පත් කරන ලද අධ්‍යයනයක දී, විද්‍යාඥයන් ෆුජි සහ ඔයමා කඳු මුදුන්වලින් වැසී ඇති මීදුමෙන් ජලය රැස් කිරීම සඳහා තරණය කළ අතර, පසුව ඒවායේ භෞතික හා රසායනික ගුණාංග තීරණය කිරීම සඳහා සාම්පල පරික්ෂාවට ලක් කර තිබේ..

සෑම වලාකුළු වතුර ලීටරයකම ප්ලාස්ටික් කැබලි 6.7 සිට 13.9 දක්වා ප්‍රමාණයක් අඩංගු බවයි එහිදී අනාවරණය වී ඇත.

“ප්ලාස්ටික් වායු දූෂණය” පිළිබඳ ප්‍රශ්නය ක්‍රියාශීලීව විසඳා නොගතහොත්, දේශගුණික විපර්යාස සහ පාරිසරික අවදානම් යථාර්ථයක් බවට පත් විය හැකි අතර, අනාගතයේදී ආපසු හැරවිය නොහැකි හා බරපතල පාරිසරික හානියක් සිදුවිය හැකි බවයි,” Waseda විශ්වවිද්‍යාලයේ ප්‍රධාන කතුවරයා වන Hiroshi Okochi කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

අවාරයේ ශ්‍රීපාද වන්දනාව ආරම්භ වේ . . .

Thu Sep 28 , 2023
වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව අවාරයේ ශ්‍රිපාද සංචාරය සඳහා රත්නපුර ශ්‍රි පාද මාර්ගය සහ නල්ලතන්නි මාර්ගය විවෘත කර ඇති බව පවසනවා. එම දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ රත්නපුර ශ්‍රිපාද මාර්ගයේ පවනැල්ල පොලිස් මුරපොළ පැවති ස්ථානයේ බලපත්‍ර නිකුත් කිරිමේ කවුළුවක් ස්ථාපත කර ඇති අතර, නල්ලතන්නි බලපත්‍ර නිකුත් කිරිමේ කවුළුව නල්ලතන්නි අඩවි ආරක්ෂක කාර්යාලයේ ස්ථාපිත කර […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x