උසස් පෙළ විභාගය අදින් ඇරඹේ . . .

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අද (04) ආරම්භ වෙයි.

අද සිට ලබන 31 වන දින දක්වා විභාගය පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මෙවර විභාගය සඳහා අපේක්ෂකයින් 346,976 දෙනෙකු පෙනීසිටින අතර ඉන් 281,445ක් පාසල් අයදුම්කරුවන් ය.

පෞද්ගලික අයදුම්කරුවන් සංඛ්‍යාව 65,531ක් බව විභාග දෙපාර්තමේන්තුව සදහන් කළේය.

විභාගය මධ්‍යස්ථාන 2302කදී විභාගය පැවැත්වීමට අවශ්‍ය සියලු කටයුතු මේ වනවිටත් සැලසුම් කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර සඳහන් කරයි.

මේ අතර දිවයිනේ දිස්ත්‍රික් කිහිපයකට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය සමග පවතින ගංවතුර හේතුවෙන් විභාග මධ්‍යස්ථාන වෙත පැමිණීමට නොහැකි සිසුන් සඳහා විශේෂ විභාග මධ්‍යස්ථාන පිහිටුවීමට විභාග දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

ගංවතුර හේතුවෙන් ප්‍රවාහන පහසුකම් සපයා ගැනීමට නොහැකි සිසුන් සඳහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාවට නංවා ඇති බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් සදහන් කළේය.

මේ අතර උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ විභාග මධ්‍යස්ථාන ආශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව පැවසීය.

  • aruna
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

පාර්ලිමේන්තුව විසුරුවයි ? . . .

Thu Jan 4 , 2024
ඉදිරි දින කිහිපය ඇතුළත පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ සාකච්ඡාවක් සිදුවෙමින් ඇති බව ඉහළ පෙළේ දේශපාලන කවයන්හි සාකච්ඡ වේ. මේ වන විටත් ආණ්ඩුවේ පාර්ශවයන් විසින් වෙනත් දේශපාලන කණ්ඩායම් සහ පක්ෂ සමඟ ඒ පිළිබඳව යම් සාකච්ඡා සිදුකරමින් සිටින බවද එම වාර්තාවන් කියා සිටී. කෙසේ වෙතත් පාර්ලිමේන්තුවේ ප්‍රකාශකයකු සඳහන් කළේ මෙතෙක් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x