දුම් පරීක්ෂාව කරන කොම්පැනි දෙකේ කෙරුවාව . . .

වාහන විමෝචන පරීක්ෂණ සහතික හෙවත් දුම් පරීක්ෂණ සහතික නිකුත් කිරීම පෞද්ගලික සමාගම් දෙකකට පමණක් සීමා කර තිබෙන බැවින් එම සමාගම් දෙක කෙරෙහි විශාල වශයෙන් මහජන පැමිණිලි ලැබී තිබෙන බවද අමාත්‍ය නලීන් ප්‍රනාන්දු සදහන් කරයි.

එනිසා විමෝචන පරීක්ෂණ සහතික නිකුත් කිරීම ලංකා ගමනාගමන මණ්ඩලයට ලබාදීමට අමාත්‍ය මණ්ඩලයේ අවධානයට යොමු කර තිබෙන බවද පාර්ලිමේන්තුවේදී පැවති කාරක සභා අවස්ථා විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා සදහන් කළේය.

අමාත්‍ය නලීන් ප්‍රනාන්දු තවදුරටත් සදහන් කළේ,

“වාහන විමෝචන පරීක්ෂණ සහතික නිකුත් කිරීම සහ එම සහතික ලබා ගැනීමට අනිවාර්ය කර ඇති අතර ඒ සඳහා සහතික නිකුත් කිරීම පෞද්ගලික සමාගම් දෙකකට පමණක් සීමා කර තියෙනවා. 2008 වර්ෂයේ සිට ආරම්භ කර 2013 වර්ෂය වන විට වායු විමෝචන මධ්‍යස්ථාන දිවයින පුරා ව්‍යාප්ත කිරීමට කටයුතු කර තිබෙනවා.

මෙමගින් පාරිභෝගිකයින්ගෙන් ලැබුණු පැමිණිලි සැලකිල්ලට ගෙන සහතික නිකුත් කිරීමේ වැඩපිළිවෙළ පුළුල් කිරීමටත් වෙනස් වූ සමාගම්වලට ද එම අවස්ථාව ලබා දීම සුදුසු බවටත් ලංකා ගමනාගමන මණ්ඩලය වැනි රාජ්‍ය ආයතනවලට ද වායු විමෝචන මධ්‍යස්ථාන පවත්වාගෙන යාම සුදුසු බවත් යෝජනා කරමින් යෝජනා කරමින් මා විසින් අමාත්‍ය මණ්ඩලයේ අවධානයට යොමු කර තිබෙනවා.

අපි මේකෙදි විශේෂයෙන් බලන්න ඕනෙ දුම් පරීක්ෂා කිරීම සඳහා භාවිතා කරන ඒ ආයතන දෙක කෙරෙහි විශාල වශයෙන් මහජන පැමිණිලි තියෙනවා. ඒ සම්බන්ධව ඇත්තටම රජය බලාපොරොත්තු වෙන්නෙ මේ රටේ පරිසරය ආරක්ෂා කරන්නත් රජයට ආදායමක් ලබා ගන්නත්.”

  • aruna
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

චන්ද්‍රිකාට ලොකු පුටුවක් හදයි . . .

Sun Dec 3 , 2023
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉහළ තනතුරක් හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග ට ලබාදීමට මේ වන විට සාකච්ඡා කරමින් සිටියි. දැනට පක්ෂයේ සභාපති ධුරය දරන හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ට අමතරව මෙසේ චන්ද්‍රිකා කුමාරතුංග ට ඉහළ තනතුරක් ලබා දීමට පියවර ගනිමින් සිටී. මේ පිළිබඳව දැනටමත් චන්ද්‍රිකා කුමාරතුංග ද දැනුම් දී තිබේ. ඉදිරියේදී […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x