නිල නිවාසවලට පොලු තියලා . . .

මැති ඇමැතිවරුන් අනූ දෙදෙනෙකු සිය නිල නිවාස වෙනුවෙන් රුපියල් කෝටියකට ආසන්න මුදලක් ගෙවීම පැහැර හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.

ඉන් රුපියල් ලක්ෂ පනස් දෙකකට වැඩි මුදලක් 2012 වර්ෂයේ සිට 2020 වර්ෂය දක්වා මැති ඇමැතිවරුන් හැත්තෑ දෙදෙනකුගේ අය නොවී පවතින ශේෂය බවද එම වාර්තාවේ දැක්වේ. මේ අතර සමුළු නිවාස සහ කැප්පිටිපොල නිවාස ලබාගත් 97 දෙනකුගෙන් රුපියල් පනස් ලක්ෂයකට ආසන්න මුදලක් පසුගිය වසරේ දෙසැම්බර් මස 31 වෙනි දිනට අය විය යුතුව තිබූ බව විගණන අංශ පවසයි. ඉන් වල පදිංචිව සිටි විසිහතර දෙනකුගෙන් 2021 වර්ෂයේ දී අය විය යුතුව තිබූ මුදල රුපියල් කෝටියකට ආසන්නය. එසේම 2012 වර්ෂයට පෙර සිට 2020 වර්ෂය දක්වා විසි එක් දෙනෙකුගේ ණය නොවී පවතින ශේෂය රුපියල් අසූ අට ලක්ෂයක් බව විගණන කාර්යාලය පවසයි.

මේ තොරතුරු සඳහන් වන්නේ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ 2021 කාර්ය සාධන වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගනණ වාර්තාවේය.

  • සුජිත් හේවාජුලිගේ
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

EPF ආයෝජන වතුරේ . . .

Sat Nov 12 , 2022
සේවක අර්ථසාධක අරමුදලේ  රුපියල් කෝටි 20 ක ට වැඩි මුදලක් ද ෆිනෑන්ස් සමාගමේ බලපත්‍රය පසුගිය වසරේදී අවලංගු කිරීම හේතුවෙන් අහිමිවී ඇතැයි  ජාතික විගණන කාර්යාලය පවසයි. එසේම ලයිස්තු ගත නොවූ සමාගම් වල කොටස් ආයෝජනයන් රුපියල් කෝටි 500ක් (සියයට 56ක් ) 2013 වර්ෂයේදී කැන්විල් හෝල්ඩින්ග්ස් හෝටල් සංකීර්ණය ඉදිකිරීම සඳහා  ආයෝජනය කර තිබූ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x