නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයේදි මාධ්‍ය හමුවක් කැදවමින් සමස්ථ ලංකා ආර්ථික මධ්‍යස්ථාන එකමුතුවේ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි පවසා සිටියේ එළඹෙන නත්තල් උත්සව සමයේ ඉල්ලුමට සරිලන එළවළු සැපයුමක් වෙලදපොළට ලබාදිට නොහැකි විම හමුවේ දේශිය වෙලදපොලේ එළවළු මිල තවදුරටත් ඉහල යන බවයි. අරුණ ශාන්ත හෙට්ටිආරච්චි අද (30දා) නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයේදි මාධ්‍ය හමුවක් කැදවමින් ඒ […]

එක්දින සේවාව යටතේ මේ දිනවල දෛනිකව විදෙස් ගමන් බලපත්‍ර 2,500ත් 3,000ත් අතර ප්‍රමාණයක් නිකුත්කරන බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි. නමුත් මීට පෙර සාමාන්‍යයෙන් එක්දින සේවාව යටතේ නිකුත් කර ඇත්තේ විදෙස් ගමන් බලපත්‍ර 1,500 පමණ ගණනකි. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (30) පැවති මාධ්‍ය හමුවකදී ඒ බව හෙළිකෙරිණි. එක්දින සේවාව යටතේ විදෙස් ගමන් […]

තිළිණි ප්‍රියමාලිගේ මූල්‍ය වංචා චෝදනාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයේ සිටි පූජ්‍ය බොරැල්ලේ සිරිසුමන හිමි සහ ඉසුරු බණ්ඩාර ඇපමත මුදාහැර තිබේ. එසේම තිළිණි ප්‍රියමාලි සහ ජානකී සිරිවර්ධන දෙසැම්බර් 13 වනදා දක්වා යළි රිමාන්ඩ් බන්ධනාගාර ගතකර තිබේ.

නොරොච්චෝලේ ‘ලක්විජය’ ගල්අඟුරු බලාගාරයේ 3 වැනි ජනන යන්ත්‍රය ලබන දෙසැම්බර් 15 වන දින ජාතික විදුලිබල පද්ධතියට නැවත එක් කිරීමට නියමිතව බවත් ඉන් පසුව සංචාරක අමාත්‍යාංශය හඳුනාගෙන ඇති සියලුම සංචාරක කලාප රාත්‍රී විදුලි කප්පාදුවෙන් නිදහස් කරන බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි. රටපුරා රාත්‍රී විදුලි කප්පාදුව පැය 1 දක්වා […]

මේ වෙලාවේ ජනතාවට අවශ්‍ය වන්නේ අංගුලිමාලලා දේවදත්තලා ගැන කතා නොව කුසගින්නට බත් කටක් යැයි සමගි ජන බලවේගයේ මැද කොළඹ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් පැවසීය. ආණ්ඩුව දේවදත්තයකු වී ජනතාවගේ කුස මතට ගල් පෙරලමින් සිටින බව කී මුජුබුර් රහුමාන් බදු පිට බදු පනවමින් අංගුලිමාල සේ මිනිසුන්ගේ ඇඟිලි කපා ගනිමින් සිටින […]

පසුගිය අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයෙන් A සාමාර්ථ 9 බැගින් ලබා ගත් නිවුන් සොහොයුරියන් දෙදෙනෙකු පිළිබඳව ගාල්ල, මාපලගම ප්‍රදේශයෙන් වාර්තා වේ. අප වාර්තාකරු පැවසුවේ, ගාල්ල උඩුගම අධ්‍යාපන කලාපයට අයත් මාපලගම සිරිසුනන්ද ජාතික පාසලේ ඉගෙනුම ලැබූ නිවුන් සොයුරියන් දෙදෙනෙකු මෙම දක්ෂතාව දක්වා ඇති බව ය. දිනුමි නිම්සරා ඈපා සහ රසරි රන්සරා ඈපා […]

කුඩා ළමුන් අතර මේ දිනවල ඉතා වේගයෙන් පැතිරයන උණ රෝග තත්ත්වයක් පවතින බව රිජ්වේ ආර්යා ළමා රෝ‍හලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසනවා. මේ අතර ඉන්ෆ්ලුවෙන්සා මෙන්ම ඩෙංගු උණ රෝගීන් ද බහුලව වාර්තා වන බවයි දීපාල් පෙරේරා පැවසුවේ. උණ සමග කැස්ස, හෙම්බිරිසාව සහ සමහර අයට වමනය යාම වැනි රෝග ලක්ෂණ ළමුන්ට පෙන්නුම් […]

මෙවර අයවැයෙන් යෝජනා කර ඇති සෙස් බදු ඉවත් කිරීම හේතුවෙන් දේශීය රූපලාවන්‍ය නිෂ්පාදන ආයතන වැසී යාමේ අවධානමක් පවතින බවත් එමගින් පනස්දහසකට අධික පිරිසකගේ රැකියා අහිමිවන බවත් ශ්‍රී ලංකා රූපලාවන්‍ය නිෂ්පාදකයන්ගේ සංගමය අනතුරු අඟවනවා. මේ වනවිට පවතින නිදහස් වෙළෙඳ ගිවිසුම යටතේ ෂැම්පු, ෂවර් ජෙල් හා ක්‍රීම් වර්ග වැනි රුපලාවන්‍ය නිෂ්පාදන කිසිදු […]

ලංකා සතොස අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක මිල ගණන් තවදුරටත් පහත දමා තිබේ. එම මිල අඩුකිරීම දෙසැම්බර් 01 වනදා සිට ක්‍රියාත්මක කෙරේ. ඒ අනුව රතු කැකුළු කිලෝ 01 ක් රුපියල් 199/= කට, කීරි සම්බා කිලෝ 01 ක් රුපියල් 225/= කට, බී ලූනු කිලෝ 01 ක් රුපියල් 225/= කට, හාල්මැස්සන් කිලෝ 01 […]

අද වන විට රට තුළ සාමාන්‍ය සේලයින් ඇත්තේ මාසෙකට අවශ්‍ය ප්‍රමාණය පමණක් බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රි රාජිත සේනාරත්න සඳහන් කරයි. සාමාන්‍යයෙන් මාස තුනක සේලයින් තොගයක් රට තුල පැවතිය යුතු බවද මන්ත්‍රීවරයා පැවසීය. අද පාර්ලිමේන්තුවේදී සෞඛ්‍ය අමාත්‍යාංශය පිළිබඳ කාරක සභා අවස්ථා විවාදයේ දී මන්ත්‍රීවරයා මේ බව කිය කියා සිටියේය. එමෙන්ම […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.