විදෙස් ගමන් බලපත‍් නිකුත් කිරීම දෙගුණ වෙයි . . .

යේ (20 දා) දිනයේ බත්තරමුල්ල ආගමන විගමන දෙපාර්තමේන්තුවට අති විශාල පිරිසක් සේවයන් ලබා ගැනීමට පැමිණ සිටි බව වාර්තාවේ.

විදෙස් ගමන් බලපත් ලබා ගැනීම සදහා වන එක් දින සේවාවේ සේවය ලබා ගැනීම සදහා පැමිණි සිටි පිරිස රැදී සිටි පෝලිම කිලෝමීටර එක හමාරකට වඩා දිගු වූ බවයි එම දෙපාර්තමේන්තුවේ නිලධාරියකු අප කල විමසුමකදී සදහන් කලේ. ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සමාන‍්‍ය සැපයුම් සේවාවට මෙම අධික ඉල්ලුම දරාගත නොහැකි මට්ටමකට පත්වී ඇති බවත් ඔහු සදහන් කලා. ආගමන විගමන දෙපාර්තමේන්තුවේ විදෙස් ගමන් බලපත‍් නිකුත් කිරීමේ ක‍‍්‍රමවේදය සකසා ඇත්තේ සාමාන්‍යයෙන් එක් දින සේවාවෙන් දිනකට විදෙස් ගමන් බලපත‍්‍ර 1500ක උපරිමයක් දක්වා නිකුත් කල හැකි ආකාරයකට බවද මෙම නිළධාරියා සදහන් කලේය.
කෙසේ වෙතත් මේ මතුවී ඇති අධික ඉල්ලුම හේතුවෙන් එම ධාරිතාව දෙගුණය ඉක්මවා ක්‍රියාත්මක වන බවද ඔහු සදහන් කලේය.

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ විදෙස් ගමන් බලපත‍් නිකුත් කිරීමේ අංශය සේවා මුර දෙකක් හරහා ක්‍රියාත්මක වන බවත් රාත්‍රි 11 පමණ වනතුරු සතියේ දින 5 පුරාම අඛණ්ඩව එම අංශය ක්‍රියාත්මක වන බවත් ඔහු පැවසුවේය. අද වන විට සාමන්‍යයෙන් මෙම සංඛ‍‍‍‍‍‍ය්‍යාව විදෙස් ගමන් බලපත‍්‍ර 3200-3300 අතර ප්‍රමානයක් දක්වා වර්ධනයවී තිබෙනවා. ඒ අනුව මේ වන විට දිග් ගැසී ඇති පෝලිම් මේ සතිය අවසාන වනවිට බොහෝ දුරට අඩුකර ගත හැකි බවට ඔවුන් විශ්වාසය පළ කරයි. සෑම දිනකම කලින් යොදාගත් වෙන්කීරීම් 1000 ක් සහ ඊට අමතරව දෛනිකව ගමන් බලපත් ලබා ගැනීම සදහා ආගමන විගමන දෙපාර්තමේන්තුවට පැමිණ එම භූමියේ රැදී සිටින පිරිසෙන් 1000 කටත් අවස්ථාව ලබා දෙන බවටත් ඔහු සදහන් කලේය. මීට අමතරව සෑම දිනකම සවස්වරුවේ තවත් විදෙස් ගමන් බලපත‍්‍ 750 ක් ලබාදීම සදහා වන ලියකියවිලි මෙම දෙපාර්තමේන්තුව භාරයට ගැනේ. තවද අවස්ථාවන් 250 ක් නැවත පැමිනෙන, නිවැරදිව ඉල්ලුම් පත් සම්පූර්ණ නොකල සහ නිවැරදි කිරීම් සිදුකර ගැනීම් සදහා පැමිණෙන පිරිස් සදහා වෙන්කර තිබේ.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

භාණ්ඩ රැසක මිල ගණන් යලිත් ඉහළට . . .

Tue Jun 21 , 2022
වෙළඳපලේ ඇසුරුම් කරන ලද භාණ්ඩ රැසක මිල ගණන් යලි ඉහළ දමා තිබෙනවා. එදිනෙදා භාවිතයට ගන්නා සබන්, දත් බෙහෙත්, බිස්කට් වර්ග හා නුඩ්ලස් ඇතුළු තවත් භාණ්ඩ රැසක මෙලෙස ඉහළ ගොස් ඇති බවයි වෙළඳපල ආරංචිමාර්ග සඳහන් කළේ. මීට සති 2කට පමණ පෙර රුපියල් 135 ක් පමණ මිලක පැවති ඇඟ ගල්වන සබන් කැටයක මිල […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x