රට තුළ පවතින වත්මන් තත්ත්වය හේතුවෙන්, අද (ජූනි 30) සිට ජූලි 10 වන දා දක්වා බලපැවැත්වෙන පරිදි විදේශ කටයුතු අමාත්‍යංශයේ කොන්සියුලර් අංශයේ මහජන සේවා දින 3කට සීමා කර තිබේ. ඒ අනුව සඳුදා, බදාදා සහ සිකුරාදා යන දිනවල පමණක් විදේශ කටයුතු අමාත්‍යංශයේ කොන්සියුලර් කටයුතු අංශය මහජනතාවට සේවා සපයනු ඇත. යාපනය, මාතර, මහනුවර, ත්‍රිකුණාමලය […]

දුම්රිය නියාමකවරුන් ඉන්ධන නොමැතිවීම මත සේවයට වාර්තා නොකිරීම නිසා නගරාන්තර, දුර ගමන් සේවා හා කාර්යාල දුම්රිය ගමන් වාර 26කට අධික සංඛ්‍යාවක් ඊයේ (ජූනි 29) පෙරවරුවේ සිට අවලංගු කිරිමට දුම්රිය අධිකාරියට සිදු වූ බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (ගමනාගමන) ගාමිණි සෙනෙවිරත්න පැවසීය. දුම්රිය දෙපාර්තමේන්තුව තුළ දුම්රිය ධාවන කටයුතුවලට සම්බන්ධ දුම්රිය ස්ථානාධිපතිවරුන්, දුම්රිය […]

දරු ප්‍රසූතිය සඳහා අනිවාර්යයෙන්ම ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍යවරයෙකු සිටින රජයේ රෝහලකට පැමිණෙන ලෙස සියලුම ගර්භිණී මව්වරුන්ගෙන් ඉල්ලා සිටින බව ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ සභාපති මහාචාර්ය සනත් ලැනරෝල් විශේෂ ඉල්ලීමක් කරයි. ඉන්ධන අර්බුදය හේතුවෙන් කිසියම් ගර්භිණී මවකට හදිසි අවස්ථාවකදී රෝහල් ගත වීම සඳහා වාහනයක් සොයා ගැනීමට නොහැකි වූ […]

ඉන්ධන පෝලිම්වල රැඳී සිටින ජනතාවට අලෙවි කිරීමට සකසමින් තිබූ ගෝඩා මිලි ලීටර් 960,000ක් කසිප්පු මිලි ලීටර් 33,000 සමඟ පුද්ගලයෙකු හෝමාගම මූලස්ථාන පොලිසිය මඟින් ඊයේ (29)  අත්අඩංගුවට ගෙන තිබේ. ඒ හෝමාගම නියදගල ගුවන් පාළම අසල අධිවේගී මාර්ග රක්ෂිතයට යාබද වෙල් යායක දීය. පොලිසියට ලද තොරතුරක් අනුව හෝමාගම නියදගල ගුවන් පාලම අසල […]

බස්නාහිර පළාතේ ලියාපදිංචි වාහනවල ආදායම් බලපත්‍ර ලබාගැනීමට සහන කාලයක් දීමට තීරණය කර ඇති බව බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් කාර්යාල නිවේදනය කරයි. ඒ අනුව ලබන ජූලි මස 29 වැනිදා දක්වා බස්නාහිර පළාතේ ලියාපදිංචි වාහනවල ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේදී දඩ මුදල් අය නොකරනු ඇති අතර බස්නාහිර පළාත් මෝටර් රථ දෙපාර්තමේන්තුවේ www.motortraffic.wp.gov.lk යන […]

වැලිකන්ද – කන්දකාඩු ප්‍රදේශයේ පිහිටි ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් රැඳවියන් 600කට ආසන්න පිරිසක් පළා ගොස් ඇති බව පොලිසිය පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පැවසුවේ, කන්දකාඩු මධ්‍යස්ථානයේ දී එක් පුද්ගලයෙකු මියයාමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයක් හේතුවෙන් ගැටුමක් හටගෙන ඇති බව ය. ඊයේ (28) රාත්‍රියේ ඇති […]

අද සිට බැංකු කිහිපයක් විසින් සිය ගනුදෙනුකරුවන් සඳහා විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.  රට තුළ පවතින වත්මන් වාතාවරණය තුළ වාණිජ බැංකු ශාඛාවන් ගනුදෙනු සඳහා විවෘතව පවතින වේලාවන්හි වෙනසක් සිදුකර ඇති බව ඉන් පෙන්වා දෙයි. මෙහිදී අදාළ බැංකු සිය ගනුදෙනුකරුවන්ගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ හැකිතාක් ඩිජිටල්/ අන්තර්ජාල බැංකු ක්‍රම වෙත යොමුවන ලෙසය. මේ […]

ආණ්ඩුව රට තල්ලුකරගෙන ගොස් ඇත්තේ බරපතල ඛේදවාචකයක් වෙත බවත් මීට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදී ජනතා කැරැල්ලක් නිර්මාණය කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය. ඒ උදෙසා වූ දැවැන්ත දේශපාලන ප්‍රවාහයක් ගොඩනැගීම වෙනුවෙන් සියළු පක්ෂ සමඟ සාකච්ඡා කරන බව පැවසූ විපක්ෂ නායකතුමා මේ මහා ජනතා අරගලය ආණ්ඩුව පන්නා දමන තුරු අවසන් නොකරන බවද පැවසීය. පවත්නා […]

ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධම්මික පෙරේරාගේ එම අමාත්‍යාංශයට අයත් කාර්යයන් සහ ආයතන අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශට පත්කර තිබේ. ඒ අනුව, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය, කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව, ආගමන විගමන දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන 7ක් ඒ මහතාගේ අමාත්‍යාංශය යටතට ගැසට් කර ඇත. RN

රටේ එමට ප්‍රශ්න ඇතත් කිසිදු ප්‍රශ්නයකට විසඳුම් පේන තෙක් මානයක නොමැත. ප්‍රශ්නවලට විසඳුම් නැතත් රටේ ආණ්ඩුවක් ඇත. මේ වනවිට ආණ්ඩුවේ ඇමතිවරුන්ගේ ප්‍රධාන කාර්යය වී තිබෙන්නේ දිනපතා මාධ්‍ය හමු පවත්වමින් අර්බුදයේ ගැඹුර ජනතාවට පැහැදිලි කිරීමයි. එහෙත්, ජනතාව ඉල්ලා සිටින්නේ අර්බුදයේ ගැඹුර හොඳින්ම දන්නා බැවින් අර්බුදය පැහැදිලි කිරීම වෙනුවට අර්බුදයට විසඳුම් ලබාදෙන ලෙසයි. විසඳුම් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.