නිලධාරීන්ගේ  උග්‍ර  හිඟයෙන් ජාතික විගණන කාර්යාලයේ  විගණන විමර්ශනවලට දැඩි බලපෑම් මතුව ඇත. විගණන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 2400ක් සිටිය යුතු තැන දැනට සිටින්නේ 1400ක්  බව එම දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය. භාෂා පරිවර්තකයන්ගේ හිඟය හේතුවෙන් විගණන වාර්තා නිකුත් කිරීමද පමාවී ඇතැයි  එහි නිලධාරීහු පෙන්වා දෙති. නිලධාරී හිඟය හේතුවෙන් විෂය පථයන් සීමා කර […]

බාල ඖෂධ ජාවාරම, ප්‍රමිතියෙන් තොර බෙහෙත් මිලදී ගැනීම, ඒවාට සම්බන්ධවූ පිරිස් සහ   ඊට අදාල තවත් වැදගත්  ආන්දෝලනාත්මක කරුණු ගණනාවක් හෙළිදරව් කෙරෙන  පරිපූර්ණ තොරතුරු  වාර්තාවක් පාර්ලිමේන්තුවට ලබන සතියේදී  ඉදිරිපත් කෙරේ. බාල බෙහෙත්, හදිසි ඖෂධ මිලදී ගැනීම් ඇතුළු කටයුතු සම්බන්ධයෙන්  විශේෂයෙන් සකස් කෙරුණු  විගණන වාර්තාවෙන්   මෙම ආන්දෝලනාත්මක කරුණු හෙළිදරව් කිරීම කෙරෙන බව […]

නීතිපති දෙපාර්තමේන්තුව  රුපියල් කෝටි තිහකට වැඩි හිඟ ආදායමක් (2022 වර්ෂයේ  දෙසැම්බර් මස 31 වනවිට) අයකරගැනීම පැහැර හැර ඇතැයි   ජාතික විගණන කාර්යාලයේ අලුත්ම වාර්තාවක සඳහන්වේ. මෙම ආදායම් අය කර ගැනීමට ප්‍රමාණවත් ක්‍රියාමාර්ග ගෙන නොතිබූ බවද  එම වාර්තාවේ දැක්වේ. මේ අනුව හිඟ ආදායම් ලෙස  රුපියල් කෝටි නවයකට වැඩි මුදලක් වසර දහයකට වැඩි […]

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට රුපියල් කෝටියකට වැඩි වටිනා දීමනා  පසුගිය 2022 වර්ෂයේදී  ඇඟිලි සලකුණු යන්ත්‍ර   මගින් කාලය තහවුරු කර නොගෙන නීති විරෝධීව ගෙවා ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ. අතිකාල හෝ  නිවාඩු දින  ආදී  දීමනා  ගෙවීම්  කිරීමට  කාලය පදනම් කර ගන්නේ නම් ඇඟිලි සලකුණු යන්ත්‍ර මගින් කාලය […]

ආයතන කිහිපයකින් අනුමැතීන් (නිර්දේශ) ලැබීමේ ප්‍රමාදය හේතුවෙන් කෝටි 74 කට වැඩි වටිනා ආහාර ද්‍රව්‍ය ඇතුළත් බහාලුම් 115ක් නිදහස් කිරීමට ශ්‍රී ලංකා රේගුවට වසර දෙකකට වැඩි කාලයක් ගතවීමෙන් එම ද්‍රව්‍ය විනාශවීමේ අවදානමක් පැවතුණු බව ජාතික විගණන කාර්යාලය පවසයි. මෙසේ ප්‍රමාදවී ඇතැයි පැවසෙන්නේ එම භාණ්ඩ නිදහස් කිරීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහ සෞඛ්‍ය සහ […]

ආයතනික විභාග පැවැත්විම වෙනුවෙන් රාජ්‍ය ආයතන 09කින් විභාග දේපාර්තමේන්තුව වෙත රුපියල් තුන්කෝටි, අසු දෙලක්ෂ, තුන්දහස්හාරසිය හතක (38,203,407) මුදලක් අයවිමට ඇති බැව ජාතික විගණන කාර්යාලය පවසයි. ඉකුත් වරෂයේ (2022) අවසන් වනවිට මෙකි මුදල අයවිමට තිබු අතර එකි ආයතන වෙතින් වියදම් අයකර ගැනිමේ නිශ්චිත ක්‍රමවේදයක් සහිත උපදෙස් ලබාදෙන ලෙස විභාගදේපාර්තමේන්තුව  මහා භාණ්ඩාගාරයෙන් […]

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පසුගිය 2022 වසරේ පැවරූ නඩුවලින් බාගයක්ම විවිධ හේතු මත ඉල්ලා අස්කරගෙන ඇති බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ නවතම වාර්තාවකින් අනාවරණය වේ. ඒ අනුව 2022 වසරේ පමණක් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අල්ලස් නඩු 89ක් පවරා ඇති අතර ඉන් නඩු […]

විවිධ අංශ විසින් කරනු ලබන රේගු විමර්ශනවලදී රේගු භාරයට ගෙන රඳවා ගෙන ඇති වාහන 133කට අදාළ විමර්ශන ලිපිගොනු අස්ථානගතව ඇති බව ජාතික විගණන කාර්යාලය පවසයි. රේගු විමර්ශනවලදී රේගු භාරයට ගත් රථවාහන 435ක්, බහාලුම් 91ක් මෙම වර්ෂයේ (2023) ජනවාරි 31 දින වනවිට පෞද්ගලික ආයතනයකින් කුලී පදනම මත ලබා ගෙන ඇති අංගණයක […]

ශ‍්‍රී ලංකා රේගුවේ අංශ හතරක සේවකයන් සති අන්ත සහ රජයේ නිවාඩු දින ද ඇතුළත්ව සෑම දිනකම සේවයට වාර්තා කර ඇති බවට සටහන් යොදා ඇති බව ජාතික විගණන කාර්යාලය සඳහන් කරයි. පැමිණීමේ සහ පිටවීමේ ලේඛන, අතිකාල ලේඛන සහ නිවාඩු ලේඛන පරීක්ෂාවේදී මේ බව පෙනී ගොස් ඇතැයිද එම කාර්යාලය සඳහන් කරයි. මෙම සේවකයන් […]

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරින් මෙරට විදේශීය රාජතාන්ත්‍රික නිලධාරීන්ගේ අවලංගු කරන ලද  වාහන අංකවලින්  වෙනත් සුඛෝපභෝගී වාහන ලියාපදිංචි කරමින්  කාලයක් තිස්සේ කරගෙන ගොස්  ඇති ජාවාරමක සුලමුල අනාවරණය කර ගැනීමට ජාතික විගණන කාර්යාලය සමත්වී ඇත. මෙම වංචාව හේතුවෙන් රජයට රුපියල් කෝටි 15 කට ආසන්න බදු ආදායමක්  අහිමිව ඇතැයි  එම කාර්යාලය […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.