බාල බෙහෙත් හොරු කවුද ? . . .

බාල ඖෂධ ජාවාරම, ප්‍රමිතියෙන් තොර බෙහෙත් මිලදී ගැනීම, ඒවාට සම්බන්ධවූ පිරිස් සහ   ඊට අදාල තවත් වැදගත්  ආන්දෝලනාත්මක කරුණු ගණනාවක් හෙළිදරව් කෙරෙන  පරිපූර්ණ තොරතුරු  වාර්තාවක් පාර්ලිමේන්තුවට ලබන සතියේදී  ඉදිරිපත් කෙරේ.

බාල බෙහෙත්, හදිසි ඖෂධ මිලදී ගැනීම් ඇතුළු කටයුතු සම්බන්ධයෙන්  විශේෂයෙන් සකස් කෙරුණු  විගණන වාර්තාවෙන්   මෙම ආන්දෝලනාත්මක කරුණු හෙළිදරව් කිරීම කෙරෙන බව ජාතික විගණන කාර්යාලය පැවසීය.

මෙම විශේෂ විගණන වාර්තාව දැනටමත් සකස් කර අවසන්වී ඇත.

රජයේ විගණකාධිපති  ඩබ්ලිව්.පී.සී   වික්‍රමරත්න ගේ  විශේෂ  උපදෙස් මත  ජාතික විගණන කාර්යාලයේ  නිලධාරීහු කණ්ඩායම් කිහිපයක්   වසරකට ආසන්න කාලයක් තිස්සේ මේ පිළිබඳව දීර්ඝව  විමර්ශන පවත්වා මෙම වාර්තාව සකස් කළහ.

ඖෂධ නියාමන අධිකාරියේ  ඖෂධ ලියාපදිංචි කිරීම සම්බන්ධ කරුණු රැසක්ද  මෙම වාර්තාවෙන් හෙළිදරව් කෙරෙන බව  දැන ගන්නට ඇත.

මෙම විගණන වාර්තාවෙන් හෙළිදරව් වන කරුණු පදනම් කරගෙන පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප් කමිටුව)  සහ රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝපා) ද  ඉදිරි දිනවල  වෙන වෙනම විමර්ශන පැවැත්වීමට නියමිතය.

බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල  ඇතුළු සෞඛ්‍ය  ප්‍රධානීහු පිරිසක්  මේවනවිට රිමාන්ඩ්  බන්ධනාගාර ගත කරනු ලැබ සිටිති.

ස්නායු රෝගීන් සඳහා භාවිතා කරන ‘ඉමියුනෝග්ලෝබියුලින්’ නමැති ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් රජයේ රෝහල්වලට බෙදාහැරිමේ සිද්ධිය පිළිබඳ නඩුව මාලිගාකන්ද අධිකරණය හමුවේ  විභාග වෙමින් පවතී. මෙම වංචාවෙන් රජයට  සිදුවී ඇතැයි පැවසෙන පාඩුව කෝටි 110 කි.

  • සුජිත් හේවාජුලිගේ
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

වාහන අංක තහඩුවලින් පලාත් අකුරු ඉවතට . . .

Sat Apr 27 , 2024
රථවාහන වල පළාත හඳුනා ගැනීම සඳහා මෙතෙක් තිබූ ඉංග්‍රීසි අකුරු දෙක ඉවත් කිරීමට තීරණය වී තිබේ. ඒ ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන විසින් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට ලබා දුන් උපදෙස් මතය. ඒ අනුව ඉදිරියේදී වාහන විකිණීම් වලදී නව අයිතිකරුවන්ට පළාත සඳහන් අංක තහඩු වෙනස් කර ගැනීමේ අවශ්‍යතාවයක් මතු නොවන බව දෙපාර්තමේන්තුව […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x