පිටකොටුව බස් නැවතුම කොටුව දුම්රියපොළ ළඟට . . .

පිටකොටුව ප්‍රදේශයේ ස්ථාන තුනක පිහිටි ශ්‍රී ලංගම මධ්‍යම බස් නැවතුම්පොළ, බැස්ටියන් මාවත හා ගුණසිංහපුර පෞද්ගලික බස් නැවතුම්පළවල් කොටුව දුම්රිය ස්ථානයට යාබදව ස්ථානගත කර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයක් වශයෙන් පවත්වාගෙන යාමට අවධානය යොමුව ඇතැයි ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම් එම්. එම්. පී. කේ. මායාදුන්නේ පැවසීය.

දැනට මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය පවත්වාගෙන යන ආකාරයට බස් රථ නතර කර තැබිය හැකි වන පරිදි මෙම ස්ථානය ගොඩනගන බව ද ලේකම්වරයා සඳහන් කළේය.

කොළඹ නගරයට පැමිණෙන බස් රථ වෙනත් ස්ථානයක ගාල් කර තිබී පිටත්වන වේලාවට පමණක් බස්නැවතුම්පොළට පැමිණීම දැනට සිදුවන බව ත්, ඒ අනුව මගීන්ට මෙන් ම රියැදුරන්ට පහසු වන පරිදි නව බහුවිධ මධ්‍යස්ථානය ගොඩනැගීමට නාගරික සංවර්ධන අධිකාරිය සමග සාකච්ඡා කරගෙන යන බවත් හෙතෙම ප්‍රකාශ කළේ ය.

මේ අතර, පිටකොටුව බස්නැවතුම්පොළවල් කොටුව දුම්රිය ආසන්නයේ ස්ථානගත කිරීමෙන් අනතුරුව එම ඉඩම් වාණිජමය කටයුතුවලට යොදා ගැනීමට රජයේ අවධානය යොමුව තිබේ.

කොළඹ නගර අලංකරණ සැලැස්ම යටතේ එම භූමි පෞද්ගලික අංශය සමග එක්ව සංවර්ධනය කරමින් ආයෝජන ව්‍යාපෘතිවලට යොදා ගැනීමට සැලසුම් කර ඇත.

කොළඹ නගර අලංකරණ සැලැස්ම ක්‍රියාත්මක කිරීම හා බේරේ වැව සංවර්ධන ව්‍යාපෘතියේ ප්‍රගති සමාලෝචනය වෙනුවෙන් ජනාධිපති කාර්යාලයේ පසුගියදා (දෙසැ. 4) පැවති සාකච්ඡාවකදී මේ පිළිබඳව අවධානය යොමුව තිබේ.

මේ අතර, කොළඹ නගර අලංකරණ සැලැස්ම යටතේ තවත් ව්‍යාපෘති කිහිපයක් සිදුකිරීමට ද මෙහිදී සාකච්ඡා වී ඇත.

කොළඹ නගරයේ පිහිටි අනාරක්ෂිත ගස් ඉවත් කර ඒ වෙනුවට සුදුසු ගස් වර්ග නැවත සිටුවීම, කොළඹ නගරයේ අත්හැර දමන ලද වල් බිහිවී ඇති ගොඩනැගිලි හඳුනාගෙන ඒවා නඩත්තු කිරීම සඳහා සුදුසු වැඩපිළිවෙළක් සැකසීමට යෝජනා වී තිබේ.

එසේ ම කොළඹ නගරයේ රථ වාහන ධාවනය, මගීන් නංවා ගැනීම හා නතර කිරීම සම්බන්ධව නියාමන සැලැස්මක් සැකසීම, වැසි ජලය බැස යාම ක්‍රමවත් කිරීම සඳහා දැනට ක්‍රියාත්මක වන ව්‍යාපෘතිවල ප්‍රගතිය සම්බන්ධයෙන් ද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇත.

  • Mawbima
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

රත්‍රං මිශ්‍රිත පස් රටින් පන්නන්න සැරසේ . . .

Thu Dec 7 , 2023
මේ වන විට මහත් ආන්දොලනයක් ඇති කර ඇති රත්‍රං මිශ්‍රිත පස් මෙරටින් පිට කිරීමේ සිද්ධියක් පිළිබඳව මේ වන විට මාධ්‍යන් ඔස්සේ වාර්තා කරමින් ඇත. රත්තරං මිශ්‍රිත පස් මෙරටින් පිට කරන්නේ නම් ඒ් සදහා අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග දක්වමින් විගණන වාර්තාවක් ද මේ වනවිට නිකුත් කර තිබේ. එවන් පසුබිමක් තුල පසුගිය සිකුරාදා […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x