සුදු මැස්සා පොල් වගාවට හානි කරයි . . .

වියලි කාලගුණය සමඟ පොල් වගාවේ සුදු මැස්සාගේ හානිය වර්ධනය වීමක් පිළිබඳ නිරික්ෂණය වී ඇතැයි පොල් වගා කිරීමේ මණ්ඩලය පවසයි.  

පුත්තලම දිස්ත්‍රික්කයේ දංකොටුව, නාත්තන්ඩිය, මාරවිල නගරය අවට හලාවත, මුගුණුවටවන, ආරියගම, බත්තුලුඔය සහ මුන්දලම ප්‍රදේහ වල සුදු මැස්සාගේ හානිය පවතින බව නිරීක්ෂණය වී තිබේ.

දිවයිනේ අනෙකුත් ප්‍රදේශ වලත් සුදු මැස්සාගේ රෝගය ඇත්දැයි විමසිලිමත් වන ලෙස ද පොල් වගා කිරීමේ මණ්ඩලය වගාකරුවන්ගෙන් ඉල්ලිමක් කළේය.

සුදු මැස්සා මර්දනය සඳහා සුදුසු පියවර ගන්නා ලෙස කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර පොල් වගා කිරීමේ මණ්ඩලයට උපදෙස් දී ඇත.

පොල් පර්යේෂණ ආයතනය මඟින් සුදු මැස්සා පාලනය සඳහා නිර්දේශ කර ඇති කොහොඹ තෙල්, සබන් කුඩු මිශ්‍රණය ඉසීමට කටයුතු කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

සුදු මැස්සාගේ හානිය හෝ පොල් වගාවේ යම් රෝග පළිබෝධ තත්ත්වයන් පවතී නම් ඒ පිළිබඳව ලුණුවිල, පොල් සංවර්ධන පුහුණූ මධ්‍යස්ථානයේ ස්ථාපිත කර ඇති පොල් වගා ජාතික ආපදා කළමනාකරණ මෙහෙයුම් ඒකකය වෙත 032-3135255 දුරකථන අංකයෙන් ද පොල් පර්යේෂණ ආයතනයේ ක්ෂණික දුරකතන අංක 1228 හා ගන්නොරුව ජාතික කෘෂිකර්ම තොරතුරු සන්නිවේදන මධ්‍යස්ථානයේ 1920 ඇමතීම මඟින් ද සුදු මැස්සා හානිය පිළිබඳ තොරතුරු ලබා ගැනිමට පහසුකම් සලසා ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය කියයි.

  • aruna
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

හීලෑ අලි ඇතුන්ට හබ­රණ අලි රෝහ­ලක් . . .

Sun Mar 10 , 2024
දිව­යිනේ ප්‍රථම වතා­වට හිලෑ අලි ඇතුන් බෝකර ගැනී­මට අභි­ජ­නන මධ්‍ය­ස්ථා­න­යක් මෙන්ම හීලෑ අලි ඇතුන්ට දේශීය හා බට­හිර වෛද්‍ය ප්‍රති­කාර කරන පෞද්ග­ලික රෝහ­ලක් හබ­ර­ණදී පසු­ගි­යදා (07) විවෘත කිරී­මට හීලෑ අලි ඇතුන්ගේ සංග­මයේ සාමා­ජි­ක­යන් පිය­වර ගනු ලැබීය. මේ සඳහා මූලි­ක­ත්වය ගෙන ක්‍රියා කර ඇත්තේ මහි­යං­ග­ණය ප්‍රදේ­ශයේ දී ග්‍රාමා­ර­ක්ෂක භට­ය­කුගේ වෙඩි පහ­ර­කට ලක්ව […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x