වී අලෙවි මණ්ඩලයට පසුගිය 04 වනදා වනවිට වී කිලෝ ග්‍රෑම් ලක්ෂ 40ක් මිල දී ගැනීමට හැකි වූ බව එම මණ්ඩලයේ සභාපති නීතිඥ බුද්ධික ඉද්දමල්ගොඩ සඳහන් කළේය. ඊයේ පස්වරුවේ වී අලෙවි මණ්ඩලය විසින් සිදු කරන වී මිල දී ගැනිම් පිළිබඳව ප්‍රගති සමාලෝචන රැස්වීමක් කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී පැවැත්විණ. මෙම සාකච්ඡාව කෘෂිකර්ම හා […]

චීනයේ “සී රයිස්“ (sea rice) බිත්තර වී මෙරට ලවණතාව සහිත භූමිවල වගා කිරීම සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශය සැලසුම් කර ඇත. මේ අනුව,මෙරට වෙරළ කලාපය ආශ්‍රිත සහ ලවණතාවය වැඩි භූමි ප්‍රදේශවල මෙම සී රයිස් වගා කිරීමට නියමිතය. සී රයිස් බිත්තර වී චීනයෙන් ගෙන්වා පර්යේෂණ සිදු කිරීමෙන් පසුව මෙරට අක්කර ලක්ෂ දෙකක භූමි […]

ප්‍රධාන මාර්ග දෙපස කුඹුරු ඉඩම් රැසක් කාලයක් තිස්සේ හිතා මතාම වගා නොකර පුරන්වන්නට ඉඩ හැර ඒවා විවිධ පුද්ගලයන්ට සංවර්ධන කටයුතු සඳහා ලබාදීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන බවද කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරයි. රටේ කිසිදු කුඹුරු ඉඩමක් ගොඩකිරීමට ඉඩ නොදෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීරට දැනුම් දී […]

ඉන්දියාවෙන් ආනයනය කරන බිත්තරවල මුද්‍රා කර තිබෙන සලකුණු මකා දමා ඒවා වැඩි මිලට වෙළෙඳපොළේ විකිණීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන බව කෘෂිකර්ම අමාත්‍යාංශයේදී පසුගියදා පැවැති සාකච්ඡාවකදී අනාවරණය වී තිබේ. රජය විසින් ඉන්දියාවෙන් බිත්තර ආනයනය කර ලංකා සතොස ශාඛා ජාලය ඔස්සේ එක බිත්තරයක් රුපියල් 43 බැගින් පාරිභෝගික ජනතාවට අලෙවි කෙරේ. මෙම බිත්තරවල නිෂ්පාදිත […]

වියලි කාලගුණය සමඟ පොල් වගාවේ සුදු මැස්සාගේ හානිය වර්ධනය වීමක් පිළිබඳ නිරික්ෂණය වී ඇතැයි පොල් වගා කිරීමේ මණ්ඩලය පවසයි.   පුත්තලම දිස්ත්‍රික්කයේ දංකොටුව, නාත්තන්ඩිය, මාරවිල නගරය අවට හලාවත, මුගුණුවටවන, ආරියගම, බත්තුලුඔය සහ මුන්දලම ප්‍රදේහ වල සුදු මැස්සාගේ හානිය පවතින බව නිරීක්ෂණය වී තිබේ. දිවයිනේ අනෙකුත් ප්‍රදේශ වලත් සුදු මැස්සාගේ රෝගය ඇත්දැයි විමසිලිමත් වන ලෙස ද […]

මහ කන්නයේ වී අස්වනු මිල දී ගැනීම සඳහා රජය සහතික මිලක් නියම කොට තිබියදීත් ගොවි බිම් වෙත පැමිණ වෙළෙඳුන් එය නොතකමින් ඔවුන්ට අභිමත මිල ගණන් යටතේ වී මිල දී ගනිමින් සිටින බවට ගොවීහු මැසිවිලි නගති. මේ දිනවල වැසි ජලයෙන් වගා කළ කුඹුරුවල අස්වනු නෙළන සමය නිසා එම අස්වනු මිලට ගැනීමට […]

උඳු, මුං ඇට, කව්පි, බඩඉරිඟු, කුරක්කන් සහ මිලට් ආනයනයේ දී අය කළ විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු ඉහළ දමමින් නව ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ. මෙම ගැසට් පත්‍රයට අනුව උඳු (අනෙකුත්) සඳහා මෙතෙක් කිලෝග්‍රෑමයකට රු. 200 ක්ව පැවති විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රු. 300 ක් දක්වා ඉහළ යයි. කව්පි (අනෙකුත්), බීජ […]

පසුගිය යල කන්නයේ දී නියඟය නිසා වගා හානි සිදු වූ අක්කර 65,000 අයත් ගොවීන්ට  මාස් කන්නයේ වගා කටයුතු සිදු කිරීමට ලබා දෙන සහනයක් වශයෙන්  රුපියල් 17,000ක ඩීසල් නොමිලේ  දීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කළේය.  මෙම සහනය දෙන්න රජය විසින් පොහොර මිල දී ගැනීමට ලබා දෙන රුපියල් 15,000ක සහන මුදලට හා හෙක්ටෙයාර් […]

ඌරු මස් අනුභවයෙන් නිපා වෛරසය මෙරට තුළ බෝවීමේ අවදානමක් නැති බව පශු සම්පත් විශේෂඥයෝ අවධාරණය කර ඇත. මේ සම්බන්ධයෙන් අද (ඔක්. 5) කෘෂිකර්ම අමාත්‍යාංශය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ. පශු සම්පත් අංශයේ නිලධාරීන් සඳහන් කර ඇත්තේ, එම වෛරසය ශ්‍රී ලංකාවට ඇතුළුවීමේ අවදානමක් නොමැති බවත් එම නිසා ඌරු මස් […]

හම සහිත කුකුළු මස් කිලෝවක් රුපියල් 1250ක මිලකට අද(2) සිට සුපිරි වෙළෙඳසැල්වල අලෙවි කිරීමට කුකුළු මස් නිෂ්පාදන කර්මාන්තකරුවන්ගේ සංගමය එකඟතාවය පළ කළ බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි . කුකුළු මස් හා බිත්තර මිල අඩු කිරීම සම්බන්ධව සාකච්ඡාවක් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර ගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යාංශයේ දී පැවැත්විණි . එම සාකච්ඡාවට දැනට […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.