චීනයෙන් “සී රයිස්” . . .

චීනයේ “සී රයිස්“ (sea rice) බිත්තර වී මෙරට ලවණතාව සහිත භූමිවල වගා කිරීම සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශය සැලසුම් කර ඇත.

මේ අනුව,මෙරට වෙරළ කලාපය ආශ්‍රිත සහ ලවණතාවය වැඩි භූමි ප්‍රදේශවල මෙම සී රයිස් වගා කිරීමට නියමිතය.

සී රයිස් බිත්තර වී චීනයෙන් ගෙන්වා පර්යේෂණ සිදු කිරීමෙන් පසුව මෙරට අක්කර ලක්ෂ දෙකක භූමි ප්‍රදේශයක සී රයිස් වගා කිරීමට නියමිතය.

මෙරටට වී ප්‍රබේද විදෙස් රටවලින් ආනයනය නොකෙරෙන අතර, පර්යේෂණ කටයුතු සඳහා චීනයෙන් සී රයිස් බීජ ගෙන්වා ගැනීමට නියමිත බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරයි.

එමෙන්ම, මින් පසුව පුරන් කුඹුරු අස්වැද්දීම සිදු කිරීම වෙනුවට එම ඉඩම්වල උචිත බෝග වගා කිරීමට පමණක් අනුමැතිය ලබාදෙන ලෙස ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදී ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ජානක ධර්මකීර්ති පැවසුවේය.

  • සාලිය කුමාර ගුණසේකර
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

බැසිල් මෙහෙයුම සම්පූර්ණ අසාර්ථකයි . . .

Thu Apr 4 , 2024
ජනාධිපතිවරණයට පෙර පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීම සඳහා පාර්ලිමේන්තුවේ යෝජනාවක් සම්මත කර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට දරන ලද උත්සාහය මුළුමනින්ම අසාර්ථක වී ඇති බව වාර්තා වෙයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බැසිල් රාජපක්ෂ ඇතුළු පිරිසක් ජනාධිපති වික්‍රමසිංහ ට දැනුම් දී ඇත්තේ ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත් කිරීමට පෙර මහ මැතිවරණයක් කැදවීම දේශපාලන වශයෙන් වාසිදායක බවයි. කෙසේ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x