ඌරු මස් කන්න බය වෙන්න එපා . . .

ඌරු මස් අනුභවයෙන් නිපා වෛරසය මෙරට තුළ බෝවීමේ අවදානමක් නැති බව පශු සම්පත් විශේෂඥයෝ අවධාරණය කර ඇත.

මේ සම්බන්ධයෙන් අද (ඔක්. 5) කෘෂිකර්ම අමාත්‍යාංශය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.

පශු සම්පත් අංශයේ නිලධාරීන් සඳහන් කර ඇත්තේ, එම වෛරසය ශ්‍රී ලංකාවට ඇතුළුවීමේ අවදානමක් නොමැති බවත් එම නිසා ඌරු මස් පරිභෝජනයට බිය විය යුතු නැති බවත් ය.

මෙම රෝගය මෙතෙක් ශ්‍රී ලංකාවෙන් වාර්තා වී නොතිබීමත්, සෞඛ්‍ය අංශ රෝග ලක්ෂණ ආවේක්ෂණ කටයුතු දැඩිව ක්‍රියාත්මක කිරීමත් නිසා මෙම වෛරසය ලංකාවට ඇතුළුවීමට ඇති ඉඩකඩ ඉතා අල්ප බව පශු සම්පත් අංශයේ නිලධාරීන් වැඩිදුරට ත් සඳහන් කර තිබේ.

නිපා වෛරසය යනු සතුන්ගේ මිනිසාට බෝවිය හැකි රෝගී තත්ත්වයකි. මෙම වෛරසය ආසාදිත ඌරන් ආනාරක්ෂිතව ස්පර්ශ කිරීමෙන්, ඔවුන්ගේ පටක, ශරීර තරල සහ මළමුත්‍රා මගින් මිනිසුන්ට බෝ වීමට හැකියාව ඇත.

  • Anjali Withanage
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

"සුපෝෂ" වල ඇෆ්ලටොක්සීන් අධිමාත‍්‍රා . . .

Thu Oct 5 , 2023
ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගම විසින් නිෂ්පාදනය කරන ‘සුපෝෂ’ නිෂ්පාදනයන්හි අධිමාත්‍රාවෙන් ඇෆ්ලටොක්සීන් ඔක්සීන අඩංගු වීම හේතුවෙන් අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය විසින් දඩ නියම කර තිබේ. ත්‍රිපෝෂ සමාගම සහ එම අදාල නිෂ්පාදන අලෙවි කිරීම කළ බවට අනුරාධපුර වෙළඳ සැලක් විසින් එම වරද පිළිගැනීම හේතුවෙන් රුපියල් 13,000 ක දඩ මුදලක් ගෙවන ලෙස අධිකරණය නියම […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x