හීලෑ අලි ඇතුන්ට හබ­රණ අලි රෝහ­ලක් . . .

දිව­යිනේ ප්‍රථම වතා­වට හිලෑ අලි ඇතුන් බෝකර ගැනී­මට අභි­ජ­නන මධ්‍ය­ස්ථා­න­යක් මෙන්ම හීලෑ අලි ඇතුන්ට දේශීය හා බට­හිර වෛද්‍ය ප්‍රති­කාර කරන පෞද්ග­ලික රෝහ­ලක් හබ­ර­ණදී පසු­ගි­යදා (07) විවෘත කිරී­මට හීලෑ අලි ඇතුන්ගේ සංග­මයේ සාමා­ජි­ක­යන් පිය­වර ගනු ලැබීය.

මේ සඳහා මූලි­ක­ත්වය ගෙන ක්‍රියා කර ඇත්තේ මහි­යං­ග­ණය ප්‍රදේ­ශයේ දී ග්‍රාමා­ර­ක්ෂක භට­ය­කුගේ වෙඩි පහ­ර­කට ලක්ව තුවාල ලබා සිටි සීතා ඇති­න්නගේ හිමි­කා­රී­ත්වය දරන මහ­ර­ගම එස්. එන්. රොෂාන්ගේ සංක­ල්ප­ය­කට අනුව බව හීලෑ අලි ඇතුන්ගේ සංග­මය කියයි.

මේ අව­ස්ථා­වේදී මහි­යං­ග­ණ­යේදී වෙඩි වැදී තුවාල ලබා සුව අතට පත් වූ සීතා ඇතින්න හබ­රණ ප්‍රදේ­ශයේ මේ රෝහ­ලට ගෙන්වා තිබුණු අතර ඇය­ගෙන් හීලෑ අලි පැට­වුන් බෝ කිරී­මට අභි­ජ­න­නය කිරීමේ මංගල කට­යුත්ත ද සිදු කිරීම විශේ­ෂ­ත්ව­යකි.

ඒ සඳහා රාජා නමැති හස්ති­යෙක් ගෙන්වා ඔවුන්ගේ පළමු ස්වභා­වික එක­තු­වීමේ ක්‍රියා­ව­ලිය අභි­ජ­නන මධ්‍ය­ස්ථා­නය ආරම්භ කිරී­මත් සමඟ සිදු කෙරිණි.

හීලෑ අලි ඇතුන්ට ප්‍රති­කාර කිරී­මට අම­ත­රව ඇත් ගොව්වන් නමින් හැඳි­න්වෙන ඇතුන් බලා­ගන්නා ශිල්පීන් හස්ති පාල­ක­ව­රුන් පුහුණු කිරීමේ කට­යුතු ද මේ ස්ථාන­යේදී ක්‍රියා­ත්මක වන බවත් දිව­යිනේ ප්‍රථම වතා­වට මෙවැනි ස්ථාන­යක් ආරම්භ කිරී­මට හැකි­වීම ගැන තමන් බල­වත් සේ සතු­ටට පත්වන බවත් පාර­ම්ප­රික අලි හිමි­ක­රු­වකු වන රොෂාන් පැව­සීය.

සීතා ඇතින්න වෙඩි වැදී බර­ප­තළ තත්ත්වයේ සිටිය දී පේරා­දෙ­ණිය විශ්ව විද්‍යා­ලයේ සේවය කරන පශු වෛද්‍ය­ව­රුන් මෙන් ම දේශීය හස්ති වෛද්‍ය­ව­රුන් එක්ව ඇයගේ ජීවි­තය බේරා ගැනී­මට හැකිවූ බවත් නැඳු­න්ග­මුවේ ඇතා මිය ගොස් වසර දෙකක් පිරීම සිදු­වන බවත් අලු­ත්ගම කන්ද­කැ­ටියේ විහා­රයේ සිටි මුතු­රාජා ඇතා අස­නීප තත්ත්ව­යෙන් රටට අප­කී­ර්ති­යක් එක්ක­ර­මින් නැවත් එම රටට රැගෙන යෑම ආදී ක්‍රියා සිදු­වුණේ හීලෑ අලි ඇතුන් වෙනු­වෙන් ප්‍රති­කාර මධ්‍ය­ස්ථා­න­යක් නොති­බීම නිසා­වෙන් බව රොෂාන් සඳ­හන් කළේය.

මේ හේතු මුල්ක­ර­ගෙන ලංකාවේ ප්‍රථම හීලෑ අලි ඇතුන්ගේ ප්‍රති­කාර රෝහල අභි­ජ­නන මධ්‍ය­ස්ථා­නය මෙන්ම හස්ති පාල­ක­ව­රුන් පුහුණු කිරීමේ ස්ථානය ආරම්භ කිරී­මට හැකි වූ බව හෙතෙම පැව­සීය.

මෙහිදී මෙරට සංස්කෘ­තික මංග­ල්‍ය­ය­න්ව­ලට සංචා­රක කර්මා­න්ත­යට විශාල සේවා­වක් ඉටු­ක­රන හීලෑ අලි ඇතුන් සංර­ක්ෂ­ණය කර ගැනීම ඔවුන්ගේ පැවැත්ම වර්ධ­නය කර ගැනීම නොක­ළ­හොත් ඉදි­රි­යේදී බර­ප­තළ ප්‍රශ්න රැස­කට මුහුණ දෙන බව ද හෙතෙම සඳ­හන් කළේය.

  • dinamina

 

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

හූති කැරළිකරුවන්ට රටවල් 3කින් ප්‍රහාර . . .

Sun Mar 10 , 2024
අමෙරිකාව, බ්‍රිතාන්‍ය සහ ප්‍රංශය එක්ව, හූති ඩ්‍රෝන යානා 28ක් බිම හෙලා ඇත. රතු මුහුද සහ ඒඩ්න් බොක්ක ආශ්‍රිතව යාත්‍රා කෙරුණු වාණිජ නෞකා සහ ඩිස්ට්‍රොයර් වර්ගයේ අමෙරිකානු යුධ නෞකා ඉලක්ක කර ගනිමින්, හූති කැරළිකරුවන් ඊයේ (09) මෙම ප්‍රහාර එල්ල කර තිබූ අතර කෙසේ නමුත් අදාළ ප්‍රහාර වලින් නෞකාවලට කිසිදු හානියක් සිදුවී […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x