කොළඹ හදිසි මෙහෙයුමක් . . .

ආරක්ෂක අංශ විසින්, බොරැල්ල පොලිස් බල ප්‍රදේශය තුළ සිදුකළ විශේෂ ඒකාබද්ධ මෙහෙයුමකින් නොගෙවූ වරෙන්තු සහිත පුද්ගලයින් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් 35 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම මෙහෙයුම ශ්‍රී ලංකා පොලිසිය, විශේෂ කාර්ය බළකාය සහ ශ්‍රී ලංකා යුද හමුදා සාමාජිකයින් විසින් සිදු කර ඇත.

එහිදී හෙරොයින් ග්‍රෑම් 05යි මිලිග්‍රෑම් 350ක් සමග සැකකරුවන් දෙදෙනෙකු, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 03යි මිලිග්‍රෑම් 15ක් සමග සැකකරුවන් සිව්දෙනෙක්, ගංජා ග්‍රෑම් 03යි මිලිග්‍රෑම් 35ක් සමග සැකකරුවන් පස්දෙනෙකු සහ ගංජා මිශ්‍ර මදනමෝදක 91ක් සමග සැකකරුවෙක් ද අත්අඩංගුවට ගෙන ඇත.

මීට අමතරව කඩු 02ක් ළඟ තබාගෙන සිටි සැකකරුවන් දෙදෙනෙකු, විවෘත වරෙන්තුකරුවන් දෙදෙනෙකු හා සැකපිට ප්‍රශ්නකිරීම සඳහා සැකකරුවන් 19දෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබේ.

මේ අතර හෙරොයින් සමග අත්අඩංගුවට ගත් සැකකරුවෙකු සන්තකයේ තිබී හෙරොයින් ජාවාරමෙන් උපයාගත් බවට සැකකරනු ලබන රුපියල් 26,75,440න් සහ අයිස් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් එක් සැකකරුවෙකු භාරයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් බවට සැකකරනු ලබන රුපියල් 2,15,000ක් සොයාගෙන ඇති බව පොලීසිය පවසයි.

සැකකරුවන් අද (12) අලුත්කඩේ හා මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණ වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි පැවසෙන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් බොරැල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

  • Aruna
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ඉල්ලා අස්වෙයි . . .

Mon Jun 12 , 2023
පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග සිය ධූරයෙන් ඉල්ලා අස් වී තිබේ. පෞද්ගලික හේතුවක් මත ඔහු සිය ධූරයෙන් ඉල්ලා අස්වූ බව සඳහන් ය. තමන් ඉදිරියේදී කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා පිළිබදව ජ්‍යෙෂ්ඨ මහාචාර්ය තනතුරේ කටයුතු කරන බව ද ඔහු වැඩිදුරට ත් සඳහන් කර ඇත. Mawbima

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x