කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන එම ධුරයෙන් ඉවත් කරන තෙක් සිය විරෝධතා ක්‍රියාමාර්ග අත්නොහරින බව එම රෝහලේ කනිෂ්ඨ කාර්ය මණ්ඩල සේවකයෝ පවසති. පසුගිය දා ක්‍රියාත්මක කළ වැඩවර්ජනය අතරතුර කනිෂ්ඨ කාර්ය මණ්ඩල සේවකයන් සම්බන්ධයෙන් වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන සිදු කළ ප්‍රකාශවලට එරෙහි ව ඔවුන් මෙම ක්‍රියාමාර්ගය ආරම්භ කර ඇත. […]

ශ්‍රි ලංකා මහ බැංකුවේ නිසි අවසරයකින් සහ අනුමැතියකින් තොරව රාජ්‍ය සහ පෞද්ගලික බැංකු වල චෙක් පත් අධික ලෙස පොලි මුදල් අය කරමින් මාරු කිරිමේ ජාවාරමක් හැටන් නගරය කෙන්ද්‍ර කර ගනිමින් සිදු කරගෙන යන ජාවාරමක් සම්බන්ධයෙන් ආරක්ෂක අංශ විසින් අනාවරණය කරගෙන ඇත. කාලයක් තිස්සේ මෙම ජාවාරම හැටන් නගරයේ ඇතැම් ව්‍යාපාරිකයන් විසින් […]

මනුෂ්‍ය ඝාතන ඇතුළු බිහිසුණු අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ ඉහළ ම පුද්ගලයන් ආරක්ෂිතව මෙරටින් පිට කිරීමේ සංවිධානාත්මක ප්‍රබලයෙකු හෝ මූලික කිහිප දෙනෙකු සිටින බව අපරාධ පරීක්ෂණ විමර්ශකයෝ පෙන්වා දී තිබේ. විශේෂයෙන් ම, බෙලිඅත්ත අධිවේගී මාර්ග පිවිසුමේදී පුද්ගලයන් 5 දෙනෙකු ඝාතනය කළ ඝාතනකයන් දෙදෙනා මෙරටින් ආරක්ෂිතව පිටත් කර හැරීම පිළිබඳව සිදු කරන […]

විෂ මත් ද්‍රව්‍ය වැටලීම සඳහා ආරම්භ කර ඇති ‘‘යුක්තිය‘‘ මෙහෙයුම පිළිබඳ සමාලෝචනයක් කරන ලෙසත් මානව හිමිකම් ආරක්ෂා කරමින් එම මෙහෙයුම ක්‍රියාත්මක කරන ලෙසත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වොල්කර් ටර්ක් ශ්‍රී ලංකාවෙන් ඉල්ලා සිටින බව එම කාර්යාලයේ මාධ්‍ය ප්‍රකාශිකා ලිස් ත්‍රොසෙල් ප්‍රකාශ කළාය. මේ වනවිට යුක්තිය මෙහෙයුම යටතේ 29000 […]

ආරක්ෂක අංශ විසින්, බොරැල්ල පොලිස් බල ප්‍රදේශය තුළ සිදුකළ විශේෂ ඒකාබද්ධ මෙහෙයුමකින් නොගෙවූ වරෙන්තු සහිත පුද්ගලයින් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් 35 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මෙම මෙහෙයුම ශ්‍රී ලංකා පොලිසිය, විශේෂ කාර්ය බළකාය සහ ශ්‍රී ලංකා යුද හමුදා සාමාජිකයින් විසින් සිදු කර ඇත. එහිදී හෙරොයින් ග්‍රෑම් 05යි මිලිග්‍රෑම් 350ක් සමග සැකකරුවන් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.