බිහිසුණු ඝාතකයන් රටෙන් පිටකරන ප්‍රබලයා කවුද ? . . .

මනුෂ්‍ය ඝාතන ඇතුළු බිහිසුණු අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ ඉහළ ම පුද්ගලයන් ආරක්ෂිතව මෙරටින් පිට කිරීමේ සංවිධානාත්මක ප්‍රබලයෙකු හෝ මූලික කිහිප දෙනෙකු සිටින බව අපරාධ පරීක්ෂණ විමර්ශකයෝ පෙන්වා දී තිබේ.

විශේෂයෙන් ම, බෙලිඅත්ත අධිවේගී මාර්ග පිවිසුමේදී පුද්ගලයන් 5 දෙනෙකු ඝාතනය කළ ඝාතනකයන් දෙදෙනා මෙරටින් ආරක්ෂිතව පිටත් කර හැරීම පිළිබඳව සිදු කරන පරීක්ෂණවලදී උක්ත කරුණ වඩාත් තහවුරු වී ඇති බව අනාවරණය වේ. බෙලිඅත්තේ පංච පුද්ගල ඝාතනය යුද හමුදා විශේෂ බලකායේ හිටපු සෙබලෙකු සහ නාවික හමුදාවේ හිටපු සෙබලෙකු සිදු කර ඇති බව මෙතෙක් සිදු කළ පරීක්ෂණවලදී තහවුරු වී තිබේ.

ආරක්ෂක අංශ ඒකාබද්ධව සිදු කරන “යුක්තිය“ මෙහෙයුම අතරතුර එම ඝාතන සිදුකර සති දෙකකට ආසන්න කාලයක් නිරුපද්‍රිතව රට තුළ රැඳී සිට ඇත. ඉන් පසුව හිටපු නාවික හමුදා සෙබලා ජනවාරි 29 වෙනි දින කටුනායක ගුවන් තොටුපලින් ඩුබායි බලා පිටත්ව ගොස් ඇත. එමෙන් ම යුද හමුදා විශේෂ බලකායේ හිටපු සෙබලා ධීවරයෙකු සේ පෙනී සිටිමින් මීගමු වෙරළ තීරය ඔස්සේ ඉන්දියාවට පලා ගොස් ඇති බව මේ වනවිට හෙළිවී තිබේ.

විවිධ දරුණු අපරාධකරුවන් මේ ආකාරයෙන් රටින් පිටවීම මතු පිටින් බැලූ කල සමාන ලක්ෂණ නොපෙන්වන එහෙත් අභ්‍යන්තරයේ සමාන ක්‍රියාමාර්ග පවතින බවත් මේ ආකාරයට අපරාධකරුවන් රහසිගතව රටින් පිටමන් කිරීම් බැලූ බැල්මට මතුපිටින් මෙන් ම අභ්‍යන්තරයේ ද සමාන බවත් විමර්ශකයන් සොයා ගෙන ඇත.

අපරාධකරුන් සම්බන්ධ ක්‍රියාමාර්ග 2010 – 2014 අතර කාලය තුළ මිනිස් ජාවාරම උච්ඡතම අවස්ථාවට ගෙන ආ පුද්ගලයන්ගේ මෙහෙයුම් ක්‍රියාවලිය සමග සමපාත බවක් දක්වන්නේ යැයි වැඩිදුරටත් හෙළිවී ඇත.

  • lankatruth
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

වෙඩින් ප්‍රී-ෂූට් එක රෝහලේ කල වෛද්‍යවරයාට සිදු වූ දේ . . .

Sat Feb 10 , 2024
ඉන්දියාවේ චිත්‍රදුර්ගා දිස්ත්‍රික්කයේ පිහිටි රජයේ රෝහලක ශල්‍යාගාරයේදී පුර්ව විවාහ රූගත කිරීමක් (Pre-Wedding Shoot) සිදු කළ වෛද්‍යවරයෙකු සේවයෙන් ඉවත් කර තිබෙන අපූරු පුවතක් වාර්තා වනවා. විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ, මෙලෙස කළ රූගත කිරීම් වීඩියෝ පටයේ ව්‍යාජ සැත්කමක් සිදු කරන ආකාරය දැක්වෙන අතර, මෙම යුවල වෛද්‍ය උපකරණවලින් සහ පසුබිමේ අංග සම්පූර්ණ ආලෝක […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x