පාමංකඩ ප්‍රදේශයේ සුපිරි මහල් නිවාසයක පවත්වාගෙන ගිය මත්ද්‍රව්‍ය තිප්පොළක් වැටලූ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය එහි තිබූ රුපියල් කෝටි අටකට අධික වටිනාකමකින් යුත් කොකේන් ඇතුළු මත්ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවකු පෙරේදා (02 දා) රාත්‍රී අත්අඩංගුවට ගෙන ඇත. මෙහිදී අත්අඩංගුවට ගත් 27හැවිරිදි මත්ද්‍රව්‍ය ජාවාරම්කරු වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මොහු රුපියල් ලක්ෂ එකහමාරක මාසික කුලී […]

කැසිනෝ සූදුවෙන් බංකොළොත් වීමෙන් පසු පාතාලයට සම්බන්ධවී මත්ද්‍රව්‍ය ජාවාරම් යෙදී සිටි බව කියන ප්‍රධාන පෙළේ කෝටිපති ව්‍යාපාරිකයෝ දෙදෙනෙක් වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය විසින් අද (3)  අත්අඩංගුවට ගනු ලැබූහ. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සහ දැනට ඩුබායි රටට පලාගොස් සිටින බඩෝවිට අසංක නැමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාවාරම මෙම ව්‍යාපාරිකයන් දෙදෙනා ජයටම කරගෙන ගොස් ඇති බව […]

මනුෂ්‍ය ඝාතන ඇතුළු බිහිසුණු අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ ඉහළ ම පුද්ගලයන් ආරක්ෂිතව මෙරටින් පිට කිරීමේ සංවිධානාත්මක ප්‍රබලයෙකු හෝ මූලික කිහිප දෙනෙකු සිටින බව අපරාධ පරීක්ෂණ විමර්ශකයෝ පෙන්වා දී තිබේ. විශේෂයෙන් ම, බෙලිඅත්ත අධිවේගී මාර්ග පිවිසුමේදී පුද්ගලයන් 5 දෙනෙකු ඝාතනය කළ ඝාතනකයන් දෙදෙනා මෙරටින් ආරක්ෂිතව පිටත් කර හැරීම පිළිබඳව සිදු කරන […]

හෙරොයින් මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටි බව කියන බන්ධනාගාර නියාමකවරයෙකු මහනුවර නගරයේ පිහිටි  දිගන බස් නැවතුම්පොළේ රැඳී සිටියදී සැකපිට අත්අඩංගුවට ගත් බව මහනුවර මූලස්ථාන පොලීසිය පවසයි. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ උඩුදුම්බර බන්ධනාගාරයේ රාජකාරි කරන නියාමක වරයෙක් යැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය. මොහු රත්නපුර ප්‍රදේශයේ පදිංචි තිස් හැවිරිදි අයෙකි. මත්ද්‍රව්‍ය […]

ගිලන්රථ රියැදුරෙක් මන්නාරම කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ පොලිස් කොස්තාපල්වරයකුගේ අතක් බරපතළ ලෙස සපා කා පහරදී පලාගොස් තිබෙනවා. ඒ, මන්නාරම කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට ලැබුණු තොරතුරක් මත මුරුන්කන් රෝහලේ ප්‍රධාන දොරටුව ආසන්නයේදී පුද්ගලයකු අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 178 සහ මිලි 750 ක් සමග අත්අඩංගුවට ගෙන මෙම මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ බව කියන ගිලන් […]

මත්ද්‍රව්‍ය ජාවාරම් කිරිමේ චෝදනාව යටතේ අත්අඩංගුවට පත් කාන්තාවකට අයත් මහනුවර කුණ්ඩසාලේ මහවත්ත ප්‍රදේශයේ පිහිටි රුපියල් කෝටි ගණනක් වටිනා දේපොළ අධිකරණ නියෝගයක් මත කුණ්ඩසාලේ ප්‍රාදේශීය ලේකම් බාරයට පත් කළේය. එම වත්කම් උපයාගත් ආකාරය සම්බන්ධයෙන් නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයට පැහැදිලි තොරතුරු ලබාදීමට අදාළ කාන්තාව අපොහොසත් වීම හේතුවෙන් ඒ සම්බන්ධයෙන් මහාඅධිකරණයට කරුණු […]

කඩු කිනිසි වැනි ආයුධ අතැතිව පාදුක්ක අංගමුව ප්‍රදේශයේ මාර්ගවල යන වාහන පරීක්ෂා කරමින් ජනතාවට මරණ තර්ජනය කරමින් සැරිසරන කණ්ඩායමක් නිසා ජනතාව මහත් භීතියට පත්ව සිටී. අංගමුව සිවිල් ආරක්ෂක කමිටුවේ සභාපති වරයාගේ නිවසට අවි ආයුධ අතැතිව ගොස් මරණ තර්ජනය කිරීම නිසාවෙන් ඔහුට ද සැඟවී සිටින්නට සිදු ව ඇත. මේ සම්බන්ධයෙන් පාදුක්ක පොලිසියට […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.