හෙරොයින් සමඟ බන්ධනාගාර නියාමක මාට්ටු . . .

හෙරොයින් මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටි බව කියන බන්ධනාගාර නියාමකවරයෙකු මහනුවර නගරයේ පිහිටි  දිගන බස් නැවතුම්පොළේ රැඳී සිටියදී සැකපිට අත්අඩංගුවට ගත් බව මහනුවර මූලස්ථාන පොලීසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ උඩුදුම්බර බන්ධනාගාරයේ රාජකාරි කරන නියාමක වරයෙක් යැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

මොහු රත්නපුර ප්‍රදේශයේ පදිංචි තිස් හැවිරිදි අයෙකි.

මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි බව කියමින් මීට ඉහතදී සැකපිට අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග යටතේ රඳවා තබා ගෙන සිටින පුද්ගලයෙකුගෙන් ප්‍රශ්න කර හෙළිකරගත් තොරතුරු මත වැටලීමක් සිදුකර මෙම බන්ධනාගාර නියාමකවරයා ද හෙරොයින් සමග සැකපිට අත්අඩංගුවට ගන්නා ලදැයිඑම උසස් පොලිස් නිලධාරියා වැඩිදුරටත් කීය.

  • ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ජර්මනියේ හැම්බර්ග් ගුවන්තොටුපොළ වහයි . . .

Sun Nov 5 , 2023
තම දරුවන් ප්‍රාණ ඇපයට ගත් පියෙකු හේතුවෙන් ජර්මනියේ හැම්බර්ග් ගුවන් තොටුපොළ වසා දැමීමට ගුවන් තොටුපොළ බලධාරීන් කටයුතු කර ඇත. ඒ හේතුවෙන් ගුවන් ගමන් වාර 27කට පමණ බලපෑම් එල්ල වූ බව ගුවන් තොටුපොළ බලධාරීන් පැවසුවේය. 35 හැවිරිදි පුද්ගලයෙකු හැම්බර්ග් ගුවන් තොටුපලේ මාර්ග බාධක බිඳ දමමින් පෙරේදා (04)  සිය මෝටර් රථය ධාවනය […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x