ජර්මනියේ හැම්බර්ග් ගුවන්තොටුපොළ වහයි . . .

තම දරුවන් ප්‍රාණ ඇපයට ගත් පියෙකු හේතුවෙන් ජර්මනියේ හැම්බර්ග් ගුවන් තොටුපොළ වසා දැමීමට ගුවන් තොටුපොළ බලධාරීන් කටයුතු කර ඇත. ඒ හේතුවෙන් ගුවන් ගමන් වාර 27කට පමණ බලපෑම් එල්ල වූ බව ගුවන් තොටුපොළ බලධාරීන් පැවසුවේය.

35 හැවිරිදි පුද්ගලයෙකු හැම්බර්ග් ගුවන් තොටුපලේ මාර්ග බාධක බිඳ දමමින් පෙරේදා (04)  සිය මෝටර් රථය ධාවනය කර එම ගුවන් තොටුපොළ නවතා තිබූ ගුවන් යානයක් යට නතර කළ බවත් අනතුරුව ඔහු ගිනි අවියක් රැගෙන අහසට දෙවරක් වෙඩි තැබූ බවත් ජර්මානු පොලිසිය ප්‍රකාශයක් නිකුත් කරමින් පවසා ඇත. අනතුරුව සැකකරු මෝටර් රථයෙන් පෙට්‍රල් බෝම්බ දෙකක් එළියට ගත් බවත් මෝටර් රථයේ අවුරුදු 4 ක පමණ වයසේ පසුවන දරුවෙකු සිටි බවත්  ජර්මානු පොලිසිය නිකුත් කළ ප්‍රකාශයේ දැක්වේ. දරුවාගේ බාරකාරත්වය සම්බන්ධයෙන් පැන නැගුනු ගැටලුවක් මෙම පුද්ගලයාගේ ක්‍රියා කලාපයට හේතුවන්නට ඇතැයි ජර්මානු පොලිසිය පැවසුවේය.

නමුත් ඇතැම් ජර්මානු මාධ්‍ය වාර්තා කර තිබුණේ මෙම පුද්ගලයාගේ මෝටර් රථයේ දරුවන් දෙදෙනෙකු සිටි බවත් මෙම තැනැත්තාගේ බිරිඳ සිය දරුවන් දෙදෙනා පැහැර ගෙන ගොස් ඇති බවට පොලිසියට පැමිණිලි කර ඇති බවත්ය. කෙසේ වෙතත් මෙම ප්‍රාණ ඇපකරු සිදුවීම හේතුවෙන් කිසිවෙකුටත් ජීවිතහානියක් සිදු වූ බවට වාර්තා වී නොමැති බවත් විශේෂ කණඩායමක් තත්වය සමථයකට පත් කිරීම සඳහා  කටයුතු කරමින් සිටින බවත්  පොලිසිය ප්‍රකාශ කළේය.

  • විමුක්ති එස් රුද්‍රිගු
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

වායු දූෂණය වැඩිම නවදිල්ලියේ . . .

Sun Nov 5 , 2023
මේ වනවිට ලොව වායු දූෂණය වැඩිම නගරය බවට නවදිල්ලි අගනුවර පත් වී තිබේ. අද දිනයේ වායු දූෂණ අංශු ප්‍රමාණය 483 ක් සයහන් වී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. පාකිස්තානයේ කරච්චි සහ ලාහෝර් යන නගර ද චීනයේ ෂෙංග්හායි නගරය ද ඇත්තේ ඉන්දියාවට පහළිනි. ඉන්දීය මාධ්‍ය ඇසුරිනි

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x