වෙඩින් ප්‍රී-ෂූට් එක රෝහලේ කල වෛද්‍යවරයාට සිදු වූ දේ . . .

ඉන්දියාවේ චිත්‍රදුර්ගා දිස්ත්‍රික්කයේ පිහිටි රජයේ රෝහලක ශල්‍යාගාරයේදී පුර්ව විවාහ රූගත කිරීමක් (Pre-Wedding Shoot) සිදු කළ වෛද්‍යවරයෙකු සේවයෙන් ඉවත් කර තිබෙන අපූරු පුවතක් වාර්තා වනවා.

විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ, මෙලෙස කළ රූගත කිරීම් වීඩියෝ පටයේ ව්‍යාජ සැත්කමක් සිදු කරන ආකාරය දැක්වෙන අතර, මෙම යුවල වෛද්‍ය උපකරණවලින් සහ පසුබිමේ අංග සම්පූර්ණ ආලෝක සකස් කර සිට ඇති බවයි.

මෙහිදී වෛද්‍යවරයා ව්‍යාජ සැත්කමක් සිදු කරන ආකාරයටත් ඔහුගේ පෙම්වතිය සැත්කමට උදව් වන ආකාරයටත් පුර්ව විවාහ රූගත කිරීමේ වීඩියෝ දර්ශන ලබාගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.

එරට සෞඛ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර ඇත්තේ, රජයේ රෝහල මහජනතාවට සේවය කිරීම සඳහා මිස පුද්ගලික කටයුතු සඳහා නොවන බවත්, වෛද්‍යවරුන්ගෙන් මෙවැනි විනය විරෝධී ක්‍රියා කිසිවිට බලාපොරොත්තු විය නොහැකි බවයි.

  • Aruna

 

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ජෙට් යානයක් අධිවේගී මාර්ගයකට කඩා වැටෙයි . . .

Sat Feb 10 , 2024
ෆ්ලොරිඩා ප්‍රාන්තයේ දී පෞද්ගලික ජෙට් යානයක් අධිවේගී මාර්ගයකට කඩා වැටීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු මිය ගොස් තිබේ. විදෙස් වාර්තා සඳහන් කළේ, ජෙට් යානය අනතුරට ලක් වන විට පුද්ගලයින් පස් දෙනෙකු එහි ගමන් කර ඇති බවයි. ජෙට් යානය අධිවේගී මාර්ගයකට කඩා වැටීමත් සමඟ පුද්ගලයින් තිදෙනෙකුගේ දිවි බේරා ගැනීමට ගලවා ගැනීමේ කණ්ඩායම් සමත් ව […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x