බතලගොඩ වී පර්යේෂණ හා පුහුණු ආයතනය විසින් බාස්මතී සහල් සඳහා වන ආදේශක වී ප්‍රභේද දෙකක් හඳුනා ගැනීමට සමත්ව තිබේ. ඒ සඳහා සිදු කළ පර්යේෂණ ඉතාමත් සාර්ථක වී ඇතැයි ද , තවත් මාස කිහිපයක් තුළ බෝග නිදහස් කිරීමේ කමිටු නිර්දේශ යටතේ මෙම බාස්මතී ආදේශක වී ප්‍රභේද දෙක මෙරට වගාව සඳහා නිදහස් […]

ආසියානු රටවල් රැසකින් මේ දිනවල වාර්තාවන්නේ උෂ්ණාධික කාලගුණයකි. ඉන්දියාවේ ප්‍රාන්ත රැසකට ඉන් වැඩි බලපෑමක් එල්ල වී ඇති බව වාර්තා විය. මේ වනවිට ඉන්දියාවේ අධික උෂ්ණත්වය හේතුවෙන් පුද්ගලයින් 9 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. උෂ්ණාධික කාලගුණයෙන් වැඩි බලපෑම් එල්ල වී ඇත්තේ නැගෙනහිර ඉන්දියාවේ බටහිර බෙංගාල ප්‍රාන්තයට ය. ඒ හේතුවෙන් […]

පුද්ගලික සමාගම් 15 ක් හරහා මෙරටට පුවක් ආනයනය කර ඊට අගය එකතුකර ප්‍රති අපනයනය කිරීමට අදාළව ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය සහ ආයෝජන මණ්ඩලය එක්ව ආරම්භ කර තිබෙන වැඩපිළිවෙළ නිසා මෙරට වැවෙන පුවක් සඳහා ඉන්දියාවේ තිබෙන ඉල්ලුම අහිමිවීමේ තත්වයක් උද්ගතව තිබේ. ඉන්දුනීසියාව, තායිලන්තය ආදී රටවල්වලින් පුවක් ආනයනය කිරීමට නියමිතය. 2020 වසරේ අගෝස්තු […]

ඉන්දු – ලංකා මගී යාත්‍රා සේවය මැයි මස 13 වන දින සිට නැවත ආරම්භ කිරීමට නියමිත බව වාර්තා වේ. ඉන්දියාවේ නාගපට්නම් සිට කන්කසන්තුරෙයි වරාය දක්වා මෙම මගී යාත්‍රා සේවය වසර 40කට පසුව පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ දී නැවත ආරම්භ කෙරුණි. කෙසේවෙතත් මෝසම් වැසි හේතුවෙන් සතියකට පමණ පසු එම සේවය තාවකාලිකව […]

මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි කළමනාකාරීත්වය රුසියා සහ ඉන්දියා සමාගම් දෙකකට බාරදීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දී ඇත. ඒ අනුව ඉන්දියාවේ Shaurya Aeronautics Pvt. Ltd සහ රුසියාවේ Airports of Regions Management Company වෙත හෝ එහි බද්ධ ව්‍යවසායක් වෙත වසර 30ක කාලසීමාවක් සඳහා කළමනාකාරීත්වය පැවරීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ. aruna

ඉන්දියාවෙන් ලොකු ලූනු ආනයනය ලංකා සතොස හරහා සිදුකිරීමට තීරණය කර තිබේ. ලොකු ලූනු අපනයනය තහනම ශ්‍රී ලංකාව සඳහා ඉවත් කිරීමට තීරණය කළ ඉන්දීය රජය ශ්‍රී ලංකාවට ලොකු ලූනු මෙට්‍රික්ටොන් දසදහසක තොගයක් අපනයනය කිරීමට පසුගියදා තීරණය කළේය. එම ලූනු තොගය ගෙන්වනු ලබන්නේ පෞද්ගලික අංශයෙන් ද නැතහොත් රාජ්‍ය අංශයෙන් ද යන්න සම්බන්ධයෙන් […]

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය හෙට (19) ආරම්භ වෙයි. ඉන්දීය පාර්ලිමේන්තුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින් (ලොක් සභාව) සහ ඉහළ මන්ත්‍රී මණ්ඩලයකින් (රාජ්‍ය සභාව) සමන්විතය. හෙට (19) මහ මැතිවරණය පැවැත්වෙන්නේ ලොක් සභාවේ ආසන 543 වෙනුවෙනි. මහ මැතිවරණය, මාස 2 1/2 ක් තිස්සේ, අදියර 7 ක් යටතේ පැවැත්වෙයි. […]

ඉන්දියාව ලූනු මෙට්‍රික් ටොන් දහස් ගණනක් ශ්‍රී ලංකාවට සැපයීමට සැලසුම් කර තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. එම වාර්තා පෙන්වා දෙන්නේ මෝදි ආණ්ඩුවේ ‘අසල්වැසියන්ට මුල්තැන’ විදෙස් ප්‍රතිපත්තිය යටතේ ඉන්දියාව මාලදිවයිනට අත්‍යවශ්‍ය භාණ්ඩ විශාල ප්‍රමාණයක් සැපයීමට තීරණය කර තිබූ අතර ඉන් පසු මෙම තීරණය ගෙන ඇති බවයි. aruna

ඉන්දියාව ලූනු අපනයන තහනම තවදුරටත් දීර්ඝ කිරීම හේතුවෙන් මෙරටට චීනයෙන් මහා පරිමාණයෙන් ලොකු ලූනු ආනයනය කර ඇති අතර, චීන ලොකු ලූනු ගෙඩියක බර කිලෝ බාගයකට වැඩි බව වෙළෙන්දෝ කියා සිටිති. ඉන්දියානු ලොකු ලූනු මෙරටට නොලැබීම නිසා පාකිස්තානය සහ තුර්කියෙන් ලොකු ලූනු ආනයනය කෙරුණු අතර, මේ වනවිට චීනයෙන් ආනයනය කරන ලද […]

ඉන්දියාවේ වෙන්කටේෂ්වර සාමි කෝවිල් පද්ධතියට අයත් තිරුපති කෝවිලේ ශාඛාවක් ශ්‍රී ලංකාවේද පිහිටුවන මෙන් තිරුපති බැතිමතුන් විශාල පිරිසක් ඉන්දියාවේ තිරුපති කෝවිල් භාරයෙන් ඉල්ලීම් කර තිබෙනවා. ඒ, අනුව ඉන්දියාවේ සුප්‍රකට තිරුපති කෝවිලේ ශාඛාවක් මෙරට ඉදිකිරීම ගැන සොයා බැලීමට තිරුපති දේවාලයේ ප්‍රධාන විධායක නිලධාරී ධර්ම රෙඩ්ඩි පසුගිය සිකුරාදා (29) මෙරටට පැමිණීමට නියමිතව තිබුනා. […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.