ගුවන් නියමුවෙකුට මගියෙකු විසින් පහරදෙන වීඩියෝවක් ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ය. ඒ ඉන්දියාවේ ඉන්ඩිගෝ ගුවන් සේවයට අයත් ගුවන්යානයක් තුළ දී ය. ගුවන් නියමුවා ගුවන් ප්‍රමාදය පිළිබඳව නිවේදනය කිරීමෙන් අදාළ මගියා ඒ මොහොතේ කෝප වී තිබෙනවා. ඒ අනුව මගියා විසින් මෙලෙස ගුවන් නියමුවාට පහරදුන් බව වාර්තා වේ. දිල්ලියේ සිට ගෝවා බලා පිටත්ව […]

ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම පෞද්ගලීකරණය කිරීමේ ක්‍රියාදාමය යටතේ එහි කොටස් ආයෝජනය සඳහා සුදුසුකම් ප්‍රකාශ කළ සමාගම් තුනක් සම්බන්ධයෙන් රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගතකරණ ඒකකය විසින් ඇගයීම් සිදු කිරීමට නියමිතය. රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙළ යටතේ මෙම සමාගමේ රජය සතු කොටස් සඳහා ආයෝජනය කිරීමට සුදුසුකම් ප්‍රකාශ කිරීමේ අවසන් දිනය පසුගිය සිකුරාදා (12 දා) අවසන් […]

ඉන්දියාවේ හිරු ගවේෂණ යානය ආදිත්‍ය L-1 එහි ගමනාන්තයට පැමිණියේය. ආදිත්‍ය L-1 යානයේ ගමනාන්තය වන්නේ පෘථිවියේ සිට කිලෝ මීටර් මිලියන 1.5 ක් දුරින් ඇති ලග්‍රාන්ජ් L-1 ලක්ෂය යන නමින් හැඳින්වෙන ස්ථානයයි. මෙම ස්ථානයේ රැඳී සිටිමින්, ආදිත්‍ය L-1 යානය හිරු ගවේෂණය කරනු ඇත. යානය පෘථිවියෙන් පිටත් වී ගියේ පසුගිය සැප්තැම්බර් 2 වැනිදාය. […]

ආසියාවේ ධනවත්ම පුද්ගලයා ලෙස නැවත පළමු ස්ථානයට ඉන්දියාවේ ප්‍රකෝටිපති ව්‍යාපාරික ගෞතම් අදානි පත් ව තිබෙනවා. ඒ සම්බන්ධයෙන් සුප්‍රකට බ්ලූම්බර්ග් (Bloomberg) වෙබ් අඩවිය වාර්තා කළේ ය. මේ වන විට අදානිගේ වත්කම අමෙරිකානු ඩොලර් බිලියන 97.6 දක්වා ඉහළ ගොස් ඇති බව සඳහන් වේ. ඒ අනුව ලොව සුපිරි ධනවතුන් අතර 12 වැනි ස්ථානයට ඔහු […]

හැකි සෑම අවස්ථාවකම මුව ආවරණ  පළඳින ලෙස  වසංගත රෝග විද්‍යා ආයතනයේ විශේෂඥ වෛද්‍ය  චින්තන පෙරේරා ඉන්දියාවේ දඹදිව ඇතුළු විදේශ සංචාරවල යෙදෙන ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. විදේශ සංචාරවලදී අසනීප තත්වයක් ඇති වුවහොත් වහා වෛද්‍ය උපදෙස් ගැනීම වැදගත් බවද  ඔහු සඳහන් කළේය. මේ අතර රටේ කොව්ඩ්  තත්වය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරන  වෛද්‍ය පර්යේෂණ […]

ඉන්දියාවේ නවදිල්ලි අගනුවර ඝන මීදුමකින් වැසී ඇතැයි එරට මාධ්‍ය පවසයි. ඝන මීදුම හේතුවෙන්, අගනුවර ගමනා ගමන කටයුතු මුළුමනින්ම අඩපණ වූ අතර, ගුවන් ගමන් 110 ක් අවලංගු කෙරුණි. ඊට අමතරව, නවදිල්ලි අගනුවර තෙක් ධාවනය වන දුම්රිය 25 ක් ද අවලංගු කිරීමට සිදුවුණු බව දුම්රිය බලධාරීහු පැවැසූහ. ඝන මීදුම උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයට […]

මෙරට සිසුවෙක් ඉන්දියාවේ සිට ක්‍රියාත්මක කරන චෝලන් ලෝක වාර්තා පොතේ ලොව ඉහළම මතක ධාරිතාවක් ඇති සිසුවාට හිමි ලෝක වාර්තාව පිහිටුවීමට සමත් වී තිබේ. ඔටිසම් රෝගී තත්ත්වයෙන් පෙළෙන නව හැවිරිදි භාක්‍යරාසා මුරලිදරන් නම් බලංගොඩ දෙමළ විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුවෙක්, එලෙස වාර්තාව පිහිටුවා ඇත්තේ ලෝකයේ සියලුම රටවල අගනුවර, ධජය, මුදල් ඒකකය, වත්මන් නායකයන්, […]

ආනයනික ලොකු ලූනු තොග ගබඩාවල සඟවා ඉතා සූක්ෂම ලෙස වැඩි මිල ගණන් යටතේ අලෙවි කිරීම සම්බන්ධයෙන් ලද තොරතුරු පිළිබඳ පාරිභෝගික අධිකාරිය විමර්ශන ආරම්භ කර තිබේ. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ආසන්නයේ පිහිටි පෞද්ගලික තොඟ ගබඩාවක් මාතලේ දිස්ත්‍රික් පාරිභෝගික සේවා අධිකාරිය විසින් පරීක්ෂා කර ඇති අතර එහිදී පාකිස්තානය, ඉන්දියාව, තුර්කිය සහ ඉරානය ආදී […]

ඉන්දියාවේ මේ දිනවල පැතිරෙමින් පවතින නව කොවිඩ් ප්‍රභේදය සහිත රෝගීන් ශ්‍රී ලංකාව තුළ ද සිටීමට ඉඩ ඇති බවට තමා විශ්වාස කරන බැවින් හැකිතාක් මුව ආවරණ යළි භාවිතා කරන ලෙසට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අංශයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දිම ජීවන්දර පවසයි. ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඔහු සඳහන් […]

ඉන්දියාවෙන් හා වෙනත් රටවලින් ගෙන්වා ඇති ලොකු ලූනු තොග ගබඩාවල රඳවාගෙන සීමිත ප්‍රමාණයක් රුපියල් 600 බැගින් හෙට සිට විකුණන ලෙසත් ඉන්දියාවේ සිට ලොකු ලූනු එවන ව්‍යාපාරිකයන් දැනුම් දුන් බව දඹුල්ල ප්‍රදේශයේ ලොකු ලූනු තොග අලෙවි කරන වෙළෙන්දෝ පවසති. ඉන්දියාවෙන් ගෙන්වා ඇති සියලු ලොකු ලූනු තොග අයිතිකරුවන් ඉන්දියාවේ ව්‍යාපාරිකයන් බවත් එම […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.