ඉන්දියාවෙන් ඩෙංගු රෝගීන් සඳහා එන්නතක් ලබා දීමට සුදානම් වනවා. 2026 වසරේ ජනවාරි මාසයේදී මෙම එන්නත ලබා දීමට කටයුතු කරන බවයි ඉන්දියානු ප්‍රතිශක්තිකරණ විද්‍යාඥයන් පවසන්නේ. මුල් අවධියේ කරන ලද අත්හදා බැලීම්වලින් අහිතකර තත්ත්වයන් වාර්තා නොවූ අතර මෙම අත්හදා බැලීම සිදු කර ඇත්තේ වයස අවුරුදු 18 – 50ත් අතර පුද්ගලයන් 90 දෙනෙකුට බව […]

ඉන්දියාවේ මිසොරාම් ප්‍රදේශයේ ස්ථානයක ඉදි කෙරෙමින් පැවැති පාලමක් කඩාවැටීමෙන් පුද්ගලයින් 17 දෙනෙකු මියගොස් තිබේ. තවත් පිරිසක් සුන්බුන් අතර සිරවී ඇතැයි සැලකෙන අතර මුදාගැනීමේ මෙහෙයුම් ආරම්භ කර ඇත. අනතුර සිදුවන අවස්ථාවේදී එම ස්ථානයේ කම්කරුවන් 35ත් 40ත් අතර පිරිසක් සිට ඇතැයි ද ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. මියගිය පිරිසට ඉන්දීය රුපියල් ලක්ෂ 2 […]

ඉන්දියාවේ ‘චන්ද්‍රයාන් 3 වික්‍රම්’ රොබෝ යානය සාර්ථකව සඳට ගොඩබෑවේය. ‘චන්ද්‍රයාන් 3 වික්‍රම්’ රොබෝ යානයේ සඳට පතිත කිරීමේ වික්‍රමය සජීවීව විකාශය කිරීමට ද ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනය පියවර ගෙන තිබුණි. ‘චන්ද්‍රයාන් 3 වික්‍රම්’ යානය පතිත කළේ සඳුගේ දක්ෂිණධ්‍රැවයේ තෝරාගත් ස්ථානයකටය. සෝවියට් දේශය, ඇමෙරිකාව සහ චීනයට පසු සඳට රොබෝ යානයක් පතිත කළ […]

ආරක්ෂක දුර්වලතා පිළිබඳ කනස්සල්ල මත චීනයේ නිෂ්පාදිත උපාංග භාවිත කිරීම ඉන්දියාව මෑත මාසවලදී දේශීය මිලිටරි ඩ්‍රෝන නිෂ්පාදකයින්ට තහනම් කර ඇත.  න්‍යෂ්ටික සන්නද්ධ අසල්වාසීන් අතර ආතතීන් මධ්‍යයේ සහ නවදිල්ලිය මිනිසුන් රහිත ඩ්‍රෝන යානා සහ අනෙකුත් ස්වයංක්‍රීය උපාංග වැඩි වශයෙන් භාවිත කිරීමට අපේක්ෂා කරන පසුබිමක මෙම පියවර ගෙන ඇති බව රොයිටර් පුවත් […]

ඉන්දියාවෙන් තිරිගු පිටි ආනයනය කිරීමට රජයෙන් අවසර ඉල්ලා ඇතත් මේ දක්වා ඒ සඳහා අනුමැතිය ලැබී නොමැති බව අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවෝ පවසති. කිරිපිටි ආනයනය සඳහා බලපත්‍රයක් අවශ්‍ය බව පවසමින් ආනයන සහ අපනයන පාලකවරයා පසුගිය ජූලි මස 14 වැනිදා සිට ඉන්දියාවෙන් තිරිගු පිටි ආනයනය අත්හිටවූ බවත් ඒ හේතුවෙන් තිරිඟු පිටි ආනයනය කිරීමට […]

ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 370 වැනි වගන්තිය අවලංගු කිරීමේ ඓතිහාසික තීරණයෙන් පසුව, ජම්මු සහ කාශ්මීරය විවිධ අංශ හරහා කැපී පෙනෙන පරිවර්තනයකට භාජනය වී නව අවස්ථා ලබාගැනීමට සහ වර්ධනයට මග පෑදී ඇත. ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 370 වැනි වගන්තිය මගින් 1947 සිට ඉන්දියාව, පකිස්ථානය සහ චීනය අතර ආරවුලකට ලක්ව ඇති ඉන්දීය උපමහාද්වීපයේ උතුරු […]

ඉන්දියාවේ මහරාෂ්ට්‍ර ප්‍රාන්තයේ අධිවේගී මාර්ගයක ඉදිකිරීම් අතරතුර දොඹකරයක් කඩා වැටීමෙන් පුද්ගලයන් 16දෙනෙකු මිය ගොස් කම්කරුවන් තිදෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වෙයි. මේ අතර, එම අනතුරින් තවත් කිහිප දෙනෙකු සුන්බුන් අතර සිරව සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙලෙස කඩා වැටී තිබුණේ, ලෝහ කුලුනු එසවීම සඳහා යොදාගත් දොඹකරයකි.  

ඉන්දියාවෙන් ආනයනය කරන ලද බිත්තර මේ වන විට සතොස ඇතුළු සුපිරි වෙළඳසැල් වලින් රුපියල් 35 ක මුදලකට ලබා ගැනීමට හැකියාව ඇති බව රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාව සඳහන් කරයි. එම බිත්තර ශීතකරණ වලින් පිටතට ගෙන සාමාන්‍ය පරිසරයේ තබා ගත හැක්කේ දින තුනක කාලයක් පමණක් බවද සංස්ථාව පවසයි. සෙන්ටිග්‍රේට් අංශක 2-5ත් අතර […]

බිත්තර කිලෝග්‍රෑම් ලෙස අළෙවි කිරීමට නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගු කිරීමට අවදානය යොමු වී ඇතැයි වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු පැවසීය. ඉන්දියාවෙන් ආනයන කරන බිත්තර සුපිරි වෙළෙඳසැල්වලට සහ සතොස අළෙවිසැල්වලට නිකුත් කිරීමෙන් පසුව පාලන මිල කාණ්ඩ දෙකක් අවශ්‍ය නොවන බවත් ඒ හේතුවෙන් එක ගැසට් නිවේදනයක් අවලංගු කිරීමට අවදානය යොමු වී ඇති […]

ඉන්දියාවේ මනිපූර් ප්‍රාන්තයේ කලහකාරීන් පිරිසක් කාන්තාවන් දෙදෙනෙකු දූෂණය කර නිරුවතින්, පාරේ ඇවිදීමට සැලැස්වීමේ සිද්ධිය සහ ඉන්පසු හටගත් වාර්ගික ප්‍රචණ්ඩ ක්‍රියා ලොව කැලැඹීමට සමත් වී ඇත. එම සිදුවීම සම්බන්ධයෙන් පොලිසියේ ක්‍රියාකලාපය ද බොහෝ දෙනාගේ විවේචනයට හේතුවක් වී තිබේ. සිද්ධියට අදාල වීඩියෝ දසුන් ද සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත් විය. පොලීසිය විසින් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.