ඉන්දියාවෙන් ආනයනය කරන බිත්තර සුපිරි වෙළෙඳසැල් හරහා අළෙවි කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු පැවසීය. ඉන්දියාවෙන් ආනයනය කරන බිත්තර සංඛ්‍යාව තවත් ඉහළ නැංවීමට සැලසුම් කර ඇති බව කී අමාත්‍යවරයා ඉන් පසු සුපිරි වෙළෙඳසැල් හරහා එම බිත්තර අළෙවි කිරීමට සැළසුම් කර ඇතැයි ද කීය. ඉන්දියාවෙන් […]

විදේශ විනිමය ගනුදෙනුවලින් සියයට 90 කට ආසන්න ප්‍රමාණයකට සම්බන්ධ වූ ඇමරිකානු ඩොලර් මත යැපීම වෙනුවට බංග්ලාදේශය ඉන්දියාව සමඟ වෙළඳාමේදී ඉන්දීය රුපියල් සම්පූර්ණයෙන්ම භාවිත කිරීමට තීරණය කර ඇත. ඒ අනුව බංග්ලාදේශයේ සොනාලි බැංකුව, ඊස්ටර්න් බැංකුව සහ ඉන්දීය රාජ්‍ය බැංකුව (SBI) යන බැංකු තුනට අසල්වැසි රටේ ඔවුන්ගේ සගයන් සමඟ නොස්ට්‍රෝ ගිණුම් විවෘත […]

විදුලි වාහනයෙන් ලෝකයම ආක්‍රමණය කළ ටෙස්ලා සමාගමේ නවතම පිම්ම වෙත ලෝකයේම අවධානය යොමුව ඇත. ටෙස්ලා සමාගම සිය නවතම කර්මාන්තශාලාව ඉන්දියාවේ ඉදිකිරීමට සැරසෙන බවට ඉන්දීය මාධ්‍ය වාර්තා කිරීමත් සමඟ මෙලෙස ටෙස්ලා ගැන යළි කතාබහක් ඇතිව තිබේ. ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබුණේ සිය රථවාහන අපනයනය කිරීමේ පහසුව පදනම් කරගනිමින් මෙලෙස ඉන්දියාවට […]

ඉන්දියාව, පකිස්ථානය පමණක් නොව බංග්ලාදේශය සමග ද අප වෙළඳ සම්බන්ධතා පැවැත්විය යුතු පාර්ශවයක් ලෙස සලසකනවා. එම නිසා යම් කොන්දේසියකට යටත්ව  කොළඹ වරායේ  නිශ්චිත හදුනාගත් ස්ථානයක් බංගලාදේශයට ලබාදීමට මා එගක වුණා යැයි  වරාය නාවික හා ගුවන්සේවා ඇමති නිමල් සිරිපාල ද සිල්වා බදුල්ලේදී පැවසීය . අපගේ ආණ්ඩුකාර මුසම්මිල් මාරුකරන්න එපා කියලා ජනාධිපතිතුමාට  […]

ඊයේ (22), රත්තරන් කැබලි මුඛය තුල සඟවාගෙන ඉන්දියාවට යාමට තැත් කළ පුද්ගලයින් දෙදෙනකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කටුනායක ශාඛාව විසින් අත්අඩංගුවට ගෙන ඇත. එහි වටිනාකම ලක්ෂ හතළිහකට අධික වන අතර එය ග්‍රෑම් 200ක පමණ බරින් යුක්ත වේ. සැකකරුවන් දෙදෙනා මීගමුව සහ අකුරණ ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ. Krishani

ටැන්සානියාවේ සිට ශ්‍රී ලංකාවට ආ පුද්ගලයෙකු මැලේරියාවෙන් මිය ගොස් ඇති බව වාර්තා වෙනවා. ඔහු බේරුවල පදිංචිකරුවෙක් වන අතර මැණික් කර්මාන්තය සඳහා ගොස් නැවත ලංකාවට පැමිණි අයෙක් බවයි ජාතික මැලේරියා මර්දන ව්‍යාපාරයේ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ පුබුදු චූලසිරි කියා සිටියේ. මියගිය පුද්ගලයා උණ රෝග ලක්‍ෂණ ඇති වී ප්‍රතිකාර ලබාගෙන ඇතත් මැලේරියා පවතින රටක […]

ඉන්දියාවේ කොවිඩ් නව ප්‍රභේදයක් ව්‍යාප්ත වෙමින් පවතින බව එරට මාධ්‍ය වාර්තා කළේය. ඉන්දියාවේ සෞඛ්‍ය අමාත්‍යාංශ දත්ත සංඛ්‍යාලේඛන මඟින් පසුගිය දින කිහිපය ඇතුළත එරට කොවිඩ් ආසාදිතයන්ගේ සැලකිය යුතු වර්ධනයක් පෙන්නුම් කිරීමෙන් පසු එරට වසංගත වෛද්‍ය අධ්‍යයන අංශ කිහිපයක් විසින් සොයා ගත් කරුණු මත මේ බව අනාවරණය වී ඇතැයි ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් […]

2021දි මෝටර් රථ 484,567 ක් ප්‍රති නැව්ගත කරලා. 2022 වසරේ ආරම්භයේ සිට නොවැම්බර් දක්වා කාලපරිච්ඡේදය තුළ දී මෝටර් රථ 504,185 ක් හම්බන්තොට වරාය හරහා ප්‍රතිනැව්ගත කර ඇති බව වාර්තා වේ. මෙය පූර්ව වසර හා සැසඳීමේ දී 4% ක වර්ධනයකි. මෙලෙස හම්බන්තොට වරායට ඉන්දියාව, දකුණු කොරියාව, ජපානය හා මැදපෙරදිග රටවලින් වාහන […]

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳව ණය හිමියන් විසින් ඉක්මන් ප්‍රතිචාරයක් නොදැක්වුවහොත් ශ්‍රී ලංකාවේ මිලියන ගණනාවක ජීවිත අවදානමට ලක්වනු ඇති බව හියුමන් රයිට්ස් වොච් සංවිධානය කියා සිටියි. මෙරට ආර්ථික ස්ථාවර භාවය සඳහා ණය ප්‍රතිව්‍යුහගත කිරීමට ණය හිමියන් එකඟතාවය පළ කළ යුතු බවත් එවිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ අනෙක් ජාත්‍යන්තර සංවිධානවල […]

ඇමෙරිකානු ඩොලර් බිලියන 4 කට ආසන්න ප්‍රමාණයක සහායක් ශ්‍රී ලංකාවට ලබා දී තිබෙන බවත් තවදුරටත් නව මූල්‍ය සහාය ශ්‍රී ලංකාවට ලබා දීමට ඉන්දියාව සැලසුම් නොකරන බවත් රොයිටර් පුවත් සේවය වාර් තා කළේය. ආනයන සඳහා ගෙවීමට විදේශ විනිමය නොමැතිව ආර්ථික අර්බුදයෙන් පීඩා විඳිමින් සිටි ශ්‍රී ලංකාවට වැඩියෙන්ම සහාය වූ රට ඉන්දියාව […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.