කොළඹ වරායෙන් කෑල්ලක් බංගලාදේශයට . . .

ඉන්දියාව, පකිස්ථානය පමණක් නොව බංග්ලාදේශය සමග ද අප වෙළඳ සම්බන්ධතා පැවැත්විය යුතු පාර්ශවයක් ලෙස සලසකනවා. එම නිසා යම් කොන්දේසියකට යටත්ව  කොළඹ වරායේ  නිශ්චිත හදුනාගත් ස්ථානයක් බංගලාදේශයට ලබාදීමට මා එගක වුණා යැයි  වරාය නාවික හා ගුවන්සේවා ඇමති නිමල් සිරිපාල ද සිල්වා බදුල්ලේදී පැවසීය .

අපගේ ආණ්ඩුකාර මුසම්මිල් මාරුකරන්න එපා කියලා ජනාධිපතිතුමාට  මම කිව්වා . හුඟාක් දේශපාලඥයන් මේ සඳහා සිංහල බෞද්ධයෙක්ම  යෝජනා කරද්දි  මම එහෙම කිව්වේ නැහැ. සැබෑ සංහිදියාව ඇතිවන්නේ අපි එකිනෙකාට ගරු කිරීමට හා ඔවුන්ගේ දක්ෂතාවලට තැන දීම මගිනුයි.

චිතගොං වරාය ඉතා දියුණු වරායක් බවට නුදුරු අනාගතයේදී පත්වේවි. මේ අනුව ඔබට පෙනෙනවා ඇති අපි මුස්ලිම් රටවල් සමග ඉතා හොඳ සම්බන්ධතාවයක් පවත්වන බව. නමුත් මා මතක් කළ යුතුයි මීට කලකට පෙර අප මුස්ලිම් රටවල් සමග සම්බන්දතා පළුදුකරගත්තා .

නමුත් දැන් අප සමග ඒ සම්බන්ධතා ඇති කර ගනිමින් සිටිනවා එය අපේ ආර්ථිකය නැවත ගොඩනැගිනීමට අත්‍යාවශ්‍යයි .

  • පාලිත ආරියවංශ
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

හෙට පෘථිවිය දෙසට විශාල ග්‍රාහකයක් එයි . . .

Tue Jun 27 , 2023
‘ලන්ඩන් ඇස’ ලෙස සැලකෙන ලන්ඩන් නගරයේ පිහිටි දැවැන්ත කතුරු ඔන්චිල්ලාව වඩා විශාල ග්‍රාහකයක් පෘථිවිය දෙසට වේගයෙන් පැමිණෙමින් පවතින බව නාසා ආයතනය සඳහන් කර සිටිනවා. මෙම ග්‍රාහකය පැයට සැතපුම් 26,000ක පමණ වේගයකින් ගමන් කරන බවයි නසා ආයතනය පවසන්නේ. එම වේගය ශබ්දයේ වේගය මෙන් 9 ගුණයක් පමණ වනවා. 2013 WV44 නම් මෙම […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x