ඉන්දියාව, පකිස්ථානය පමණක් නොව බංග්ලාදේශය සමග ද අප වෙළඳ සම්බන්ධතා පැවැත්විය යුතු පාර්ශවයක් ලෙස සලසකනවා. එම නිසා යම් කොන්දේසියකට යටත්ව  කොළඹ වරායේ  නිශ්චිත හදුනාගත් ස්ථානයක් බංගලාදේශයට ලබාදීමට මා එගක වුණා යැයි  වරාය නාවික හා ගුවන්සේවා ඇමති නිමල් සිරිපාල ද සිල්වා බදුල්ලේදී පැවසීය . අපගේ ආණ්ඩුකාර මුසම්මිල් මාරුකරන්න එපා කියලා ජනාධිපතිතුමාට  […]

ශ්‍රී ලාංකිකයෙකු ඉතාලියේදී සිදුවූ රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙහිදී  ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 42 හැවිරිදි වියේ පසුවූ දිනේෂ් නාමල් නමැති ශ්‍රී ලාංකිකයෙකි. අදාළ රථය නාපෝලි නගරය ආසන්නයේදී මාර්ගයෙන් ඉවතට පැන කණුවක ගැටීමෙන් අනතුර සිදුව ඇති බව පවසයි. තොරතුරු අනාවරණය වී ඇත්තේ, අනතුර සිදුවන අවස්ථාවේ රථයේ තිදෙනෙකු ගමන්කර ඇති බවටයි. එහිදී රථයේ ඉදිරිපස […]

හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මේ සතිය තුළ කාම්බෝජය සහ ලාඕසයේ සංචාරය කිරීමට සූදානමින් සිටින බව ආරංචි මාර්ග සඳහන් කරනවා. ඔහු එලෙස විදෙස්ගත වන්නේ විනෝද චාරිකාවක් සඳහා බවයි වාර්තා වන්නේ. Wayomi

මෙරට රිලවුන් චීනයට අපනයනය කිරීමක් නොකරන බව වනජීවී දෙපාර්තමේන්තුව අද අභියාචනාධිකරණය හමුවේ ප්‍රතිඥාවක් ලබා දුන්නේය. මෙරට රිලවුන් ලක්ෂයක් චීනයට අපනයනය කිරීමට ගෙන තිබෙන තීරණය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා පරිසර ක්‍රියාකාරීන් පිරිසක් ගොනුකරන ලද රිට් පෙත්සමක් කැඳවනු ලැබූ අවස්ථාවේදී වනජීවී දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් […]

ප්‍රවේශ පත්‍ර නොමැතිව දුම්රියෙ ගමන් ගත් මගීන් 50 දෙනකු රාගම දුම්රිය ස්ථානයේ දී අද (26) අල්ලා ගත් බව දුම්රිය ආරක්ෂක හමුදාව පවසයි. දුම්රියෙන් පැමිණ රාගම දුම්රිය ස්ථානයෙන් බැස යාමේ දී ප්‍රවේශ පත්‍ර නොමැතිව දුම්රියෙන් ගමන් කිරීමේ ඔවුන් සියලු දෙනා රුපියල් 152025 ක දඩයක් නියම කෙරිණි. අද උදේ 6 සිට 9 […]

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන මගින් ශ්‍රී ලංකාවට  රුපියල් කෝටි 300කට අධික වටිනාකමකින් යුත් ඇමෙරිකා ඩොලර් මිලියන 1.1ක) අත්‍යවශ්‍ය ඖෂධ තොගයක් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කර තිබේ.  එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ මෙරට නේවාසික නියෝජිත අසුසා කියුබොටා මහත්මිය විසින් කොළඹ සෞඛ්‍ය අමාත්‍යංශයේදී සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ට නිල වශයෙන් බාරදුන්නාය. එම ඖෂධ තොගය […]

ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා අය කරනු පොලී අනුපාතික පහළ දැමීමට මෙරට බැංකු කිහිපයක් විසින් පියවර ගෙන තිබේ. ඒ අනුව ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා මෙතෙක් 36% ක් ලෙස පැවති වාර්ෂික පොලී අනුපාතිකය 34% ක් දක්වා අඩු කරනු ලබන බව එම බැංකු විසින් සිය ගනුදෙනුකරුවන් වෙත දැනුම් දී ඇත. මෙම ක්‍රෙඩිට් කාඩ් පොලී අනුපාතික […]

ගුරුවරුන්ට පාසලේ තමන්ගෙන් ඉගෙන ගන්නා සිසුන්ගෙන් මුදල් අයකර අමතර පන්ති පැවැත්වීම තහනම් කරමින් මධ්‍යම පළාතේ අධ්‍යාපන ලේකම්වරයා චක්‍රලේඛයක් නිකුත් කර ඇත. මුදල් අය නොකර යහපත් චේතනාවෙන් යුතුව තමන්ගෙන් පාසලේ දී ඉගෙන ගන්නා සිසුන්ට අමතර පන්තිවල ඉගැන්වීමට බාධාවක් නොවන බව ද එම චක්‍රලේඛයේ සඳහන්වේ. මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේ ගේ […]

ගාලුමුවදොර පිටියේ සිටින යාචකයින්ගෙන් ජනතාවට සිදුවන හිරිහැර මැඩලීම සඳහා කොළඹ වරාය සහ පොලිසිය එක්ව ඒකාබද්ධ වැඩපිළිවෙලක් ආරම්භ කර තිබේ. දැනට ගාලුමුවදොර පිටියෙහි යාචකයින් 150ක පමණ පිරිසක් සිඟමන් යැදීම හේතුවෙන් එහි පැමිණෙන ජනතාවට විශාල හිරිහැරයක් වී ඇති බවට වාර්තා වී ඇත. ඊට පිළියමක් ලෙස එම යාචකයින් හම්බන්තොට, රිදියගම පිහිටි සමාජ සේවා […]

රථවාහන නඩුවකට අදාළව අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් වරෙන්තු ලබා සිටි පුද්ගලයකු බෝගම්බරදී  අත්අඩංගුවට ගත් අවස්ථාවේ කාන්තාවක ඇතුළු 15 දෙනකුගෙන් පමණ සමන්විත කණ්ඩායමක් කඩා වැදී පොලිස් සැරයන්වරයාට පහරදී සැකකරු මුදාගෙන පලාගොස් ඇතැයි මහනුවර මූලස්ථාන පොලිසිය පවසයි. පොලිස් අත්අඩංගුවෙන් මුදාගෙන ගිය සැකකරු මහනුවර බෝගම්බර ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි අයෙකි. අධිකරණයෙන් වරෙන්තු ලබා […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.