දඹදිව යන අයට සෞඛ්‍ය අංශයෙන් අවවාදයක් . . .

හැකි සෑම අවස්ථාවකම මුව ආවරණ  පළඳින ලෙස  වසංගත රෝග විද්‍යා ආයතනයේ විශේෂඥ වෛද්‍ය  චින්තන පෙරේරා ඉන්දියාවේ දඹදිව ඇතුළු විදේශ සංචාරවල යෙදෙන ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

විදේශ සංචාරවලදී අසනීප තත්වයක් ඇති වුවහොත් වහා වෛද්‍ය උපදෙස් ගැනීම වැදගත් බවද  ඔහු සඳහන් කළේය.

මේ අතර රටේ කොව්ඩ්  තත්වය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරන  වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වයිරස රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය රෝහිත මුතුගල පවසන්නේ රට පුරා විවිධ ප්‍රදේශවලින් ජෛව පටල නියැදි ලබාගෙන ඒවා පරීක්ෂා කරගෙන යන බවයි.

නව  වයිරස ප්‍රභේදයේ පැතිරීම ගැන ඒ අනුව ඉදිරියේදී දැනගත හැකි වනු ඇතැයිද  ඔහු සඳහන් කළේය.

කොව්ඩ්  දැන්  මතු වන්නේ සෙම්ප්‍රතික්ෂාව  වැනි  පොඩි අසනීපයක් විදියට බවත්  එවැනි අවස්ථාවලදී පරීක්ෂා කිරීමට අවශ්‍යතාවක් නැති බවත්  මුතුගල පැවසීය.

කොවිඩ්  ජාන විශ්ලේෂණ  අවසාන  පරීක්ෂණයේදී නව ප්‍රභේදය තිබී හමුවී නැතැයිද  ඔහු සඳහන් කළේය.

  • සුජිත් හේවාජුලිගේ
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

අමු මිරිස් කරලක් 15/= කට අලෙවි වෙයි . . .

Fri Dec 29 , 2023
දඹුල්ල නගරයේ සිල්ලර එළවලු වෙළෙඳපලේ අමු මිරිස් එක කරලක් රු 10ත් – 15ත් අතර මිලකට අලෙවි වී තිබේ. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ අමු මිරිස් කිලෝවක් රු 1,300 ත් 1,500 ත් අතර තොග මිලයකට අද (29) දින අලෙවි වී තිබේ. එමෙන්ම සිල්ලර වෙළෙඳපලේ අමු මිරිස් කිලෝව රු 1,800 ක මිලකට අලෙවි වූ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x