කළුබෝවිටියාව තේ . . .

පසුගිය 2022 වසරේදී රුපියල් බිලියන 2ක වාර්තාගත ආදායමක් කළුබෝවිටියාන තේ කර්මාන්තශාලාව උපයාගෙන ඇති බව කෝප් කමිටුවේදී අනාවරණය වී තිබෙනවා.

එම සමාගමේ ප්‍රගතිය පිළිබඳව සොයා බැලීමට පසුගියදා කෝප් කමිටුව හමුවට කැඳවා තිබුණා.

එහිදී අදාළ සමාගමේ සභාපතිවරයා පැවසුවේ, ගාල්ල,මාතර, මහනුවර දිස්ත්‍රික්කවල තේ කර්මාන්තශාලා 4ක් පවතින බවත්, රාජ්‍ය ආයතනයක් ලෙස නීතිරීතිවලට අනුගතව සමාගම සාර්ථකත්වය පෙන්වා ඇති බවයි.

ආයතනය කුඩා වුවද, මුල්‍ය ප්‍රකාශන ඇතුළු කරුණු හේතුවෙන් විශාල ප්‍රගතියක් මෙම සමාගම පෙන්වා ඇති බවත් විගණකාධිපතිවරයා පවසා සිටියා.

  • Hashini

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

දුම්රිය ස්ථාන 32කට හමුදා ආරක්ෂාව . . .

Wed Sep 13 , 2023
දිවයින පුරා පිහිටි දුම්රිය ස්ථාන 32 කට හමුදා ආරක්ෂාව ලබාදී ඇති බව, හමුදා ප්‍රකාශකවරයා පවසනවා. කාර්යාල දුම්රිය ඇතුළු දුම්රිය ගමන් වාර 13ක් අවලංගු කරයි.. අද (13) කාර්යාල දුම්රිය ඇතුළු දුම්රිය ගමන් වාර 13ක් අවලංගු කර තිබෙන බව වාර්තා වනවා. දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, දුම්රිය වර්ජනය ක්‍රියාත්මක කිරීම හේතුවෙන් මෙම ක්‍රියාමර්ගය […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x