ඉතිහාසයේ වසරක් තුළ නිකුත් කළ වැඩිම පාස්පෝට් ප්‍රමාණය . . .

මෙතෙක් ඉතිහාසයේ වසරක් තුළ නිකුත් කරනු ලැබූ වැඩිම විදේශ ගමන් බලපත්‍ර ප්‍රමාණය වන 911,689 ක ගමන් බලපත්‍ර ප්‍රමාණයක් පසුගිය 2022 වසරේ දී නිකුත් කරනු ලැබූ බව ආගමන හා විගමන පාලක ජනරාල් අයි.එස්.එච්.ජේ. ඉළුක්පිටිය පවසයි.

2022 වර්ෂයේ ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව ඉදිරිපත් කරමින් ඔහු මේ බව කියා සිටී. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ආගමන හා විගමන පාලක ජනරාල් අයි.එස්.එච්.ජේ. ඉළුක්පිටිය මෙලෙස පැවසීය,

විදේශ ගමන් බලපත්‍ර සැකසීම සම්බන්ධයෙන් ඇති වූ පෙර නොවූ විරූ ඉල්ලුම හමුවේ ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සතු මානව හා භෞතික සම්පත සාර්ථක ලෙස කළමනාකරණය කරගනිමින් ජනතාව වෙනුවෙන් උපරිම සේවයක් ලබාදීමට කාර්යමණ්ඩලය දිවා රෑ නොබලා වෙහෙසුන අතර එහි ප්‍රතිඵලයක් ලෙස මෙතෙක් වර්ෂයකට නිකුත් කරනු ලැබූ වැඩිම විදේශ ගමන් බලපත්‍ර ප්‍රමාණය වන 911,689 ක් පසුගිය වසරේ දී නිකුත් කිරීමට හැකිවිය.

එසේම 2022 වර්ෂය සඳහා අපේක්ෂිත ආදායම් ඉලක්කය ඉක්වමින් ජාතික ආදායමට රු. බිලියන 23.8 ක දායකත්වයක් ලබා දීමට හැකි වූ බව ද සතුටින් සිහිපත් කරන අතර එය පසුගිය වසරේ ආදායම හා සලකා බැලීමේ දී 174.8% ක වැඩිවීමකි.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ලංකාවේ දැන් අල්ලස් පටන් ගන්නෙ 10%න් . . .

Wed Jun 21 , 2023
විදේශ ව්‍යාපෘති වලින් සියයට තුනක් අල්ලස් ගැනීමට 77 වසරේ දී ඇරැඹුණු  ක්‍රමය පසුව 5%සහ  10% වශයෙන් වර්ධනය වී දැන් සියයට කීයක් ගන්නවද කියා  තමා වත් දන්නේ නැතැයි  සමගි ජන බලවේගයේ කලුතර දිස්ත්‍රික් මන්ත්‍රී කුමාර වෙල්ගම පාර්ලිමේන්තුවේ දී පැවසීය. “මේක ඒ පැත්තෙත් මේ පැත්තෙත් බිස්නස් එක ඒ නිසා අල්ලස දිගටම තියෙන […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x