විදුලි බිල ගැන නාමල් රාජපක්ෂ කියයි . . .

විදුලි බිල සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලයෙන් සිදුකළ විමසීමට තවමත් ප්‍රතිචාරයක් ලැබී නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සඳහන් කළේ ය.

මාධ්‍ය වෙත අදහස් දක්වමින්  කියා සිටියේ තමාට හෝ තම පියාට කිසිදු විදුලි බිලක් මේ වන තෙක් ලැබී නොමැති බවයි.

එමෙන්ම තමන්ගේ මංගල උත්සවයට විදුලිය ලබාගත්තේ විදුලි උත්පාදන යන්ත්‍රවලින් බවත්, මංගල උත්සවයට විදුලිය ලබාදෙන ලෙස ඉල්ලීමක් තමා නොකළ බවත්, ආරක්ෂාව සඳහා විදුලිය ලබාදෙන ලෙස ඩී.වී.චානක මන්ත්‍රීවරයා විසින් ඉල්ලීමක් කර තිබූ බවත් වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ය.

කෙසේ වෙතත්, විදුලි බිලක් ඇත්නම් එය ලැබීමට සලස්වන ලෙසත් නොලැබුණ විදුලි බිලක් ගෙවීමේ කිසිදු අවශ්‍යතාවක් නොමැති බව මන්ත්‍රීවරයා සඳහන් කළේ ය.

විඩියෝ දර්ශන – News Center YouTube Channel

  • Krishani

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ධනුෂ්ක ගුණතිලකට තවත් සහනයක් හිමි වෙයි . . .

Wed Aug 9 , 2023
ස්ත්‍රී දූෂණ සිද්ධියක් සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියාවේ දී චෝදනා එල්ල වී සිටින ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට තවත් ලිහිලක් එරට අධිකරණය ලබාදීමට තීරණය කර ඇත. ඒ සිඩ්නි ඩවුනින් සෙන්ටර් අධිකරණයේ දී එම නඩුව විභාගයට ගත් අවස්ථාවේ දී ය. ඒ අනුව ධනුෂ්ක ගුණතිලකට ඔස්ට්‍රේලියාව තුළ සංචාරය කිරීමට අවසර හිමි වෙයි. එමෙන්ම මෙලෙස සංචාරයන් හි නිරත වීමේ දී […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x