කතාන්දර පොත් අස්සේ කෝටි 23 ක කොකේන් . . .

රුපියල් කෝටි විසි තුනක් ( මිලියන 230 ක් ) වටිනා කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් , කුඩා දරුවන් කියවන , ලොකු ඉංග්‍රීසි අකුරු සහිත ළමා කතාන්දර පොත් 08 ක , පිටකවර තුළ සගවා , විදේශීය කාන්තාවක විසින්  ශ්‍රී ලංකාවට ගෙන එමින් සිටියදී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් ඊයේ  (22) රාත්‍රී  කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී අත් අඩංගුවට ගෙන තිබුණි.

ශ්‍රී ලංකාවට පළමු වරට පැමිණි ඇය 42 හැවිරිදි ඉන්දුනීසියානු ජාතික කාන්තාවක් වන අතර , ඇය එරට රෙදිපිළි වෙළෙඳාමේ නිරත වන්නියක් බව මූලික රේගු විමර්ශන වලදී අනාවරණය වී තිබේ .

ඇය මෙම මත්ද්‍රව්‍ය තොගය රැගෙන මුළින්ම  ඉතියෝපියාවේ අඩිස් අබාබා නුවරින් ගමන් අරඹා  කටාර් රාජ්‍යයේ දෝහා වෙත පැමිණ තිබේ .

ඉන්පසුව එතැන් සිට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 654 දරන ගුවන් යානයෙන් ඊයේ  පස්වරු  04.10 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබේ .

ඇය මෙම කිලෝ ග්‍රෑම් 04 යි ග්‍රෑම් 598 ක් බරැති  මත්ද්‍රව්‍ය තොගය ඉතා සූක්ෂම ලෙස , ඝනකම සහිත ඉංග්‍රීසි ළමා කතන්දර පොත් පිටකවර කපා , සකස් කර , ඒ තුළ බහා , සිය ගමන් මලු තුළ සගවා ගෙන  රැගෙන විත් තිබුණි .

රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් මෙම වසර තුළ  කටුනායක ගුවන් තොටුපොළ තුළ සිදු  කළ පස් වැනි කොකේන් මත්ද්‍රව්‍ය වැටලීම මෙය බව උසස් රේගු නිලධාරීවරයෙකු මේ අතර පැවසීය .

මෙම කොකේන් මත්ද්‍රව්‍ය තොගය සහ ඒවා ශ්‍රී ලංකාවට රැගෙන ආ ඉන්දුනීසියානු ජාතික කාන්තාව මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සදහා කටුනායක ගුවන් තොටුපොළ  පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබේ .

 

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

වැදි නායක රැහේ කැටුව උතුරට . . .

Mon Oct 23 , 2023
ඌරුවලිගේ වන්නිල ඇත්තෝ ඇතුලු ආදීවාසීන් 100 දෙනෙකු පළමු වතාවට යාපනය දිස්ත්‍රීක්කයේ සංචාරයක නිරත වීමට පියවර ගෙන ඇත. ආදිවාසී නායක ඌරුවලිගේ වන්නිල ඇත්තෝ යාපනයේදී සිවිල් සංවිධානයක් විසින් උතා උණුසුම් අයුරින් පිළිගැනුනු අතර එම පිරිස් වෙනුවෙන් අවශ්‍ය පහසුකම් සැපයීමටද පියවර ගෙන තිබුණි. ආදිවාසින් මෙවැනි පිරිසක් යාපනයට පැමිණ ඇත්තේ පළමු වතාවට වන අතර […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x