හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී ඩයනා ගමගේට විදේශගත වීම වළක්වාලමින් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (09) තහනම් නියෝගයක් නිකුත් කළේය. අගතියට පත් පාර්ශවයේ නීතිඥවරු විසින් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ එම නියෝගය නිකුත් කරනු ලැබීය. එම නියෝගය පිටපත් ආගමන හා විගමන පාලකවරයා සහ ජාතික බුද්ධි අධ්‍යක්ෂ කාර්යාලයට යොමු […]

ඉලෙක්ට්‍රොනික ගමන් බලපත්‍රය (E-Passport) මේ වසර අවසන් වන විට මෙරටට හඳුන්වාදීමට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. ආගමන හා විගමන පාලක ජනරාල් අයි.එස්.එච්.ජේ. ඉලුක්පිටිය පැවසුවේ විද්‍යුත් විදේශ ගමන් බලපත්‍රය හඳුන්වාදීමේ මූලික වැඩසටහන් සහ ප්‍රසම්පාදන ක්‍රියා පටිපාටි ද අවසන් කර ඇති බවයි. නව විදේශ ගමන් බලපත්‍රය හඳුන්වාදීමත් සමඟ ශ්‍රී ලංකාවේ […]

ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් දැනට ක්‍රියාත්මක කරනු ලබන වීසා ක්‍රමවේදය සරල කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුවී තිබේ. මේ වනවිට ශ්‍රී ලංකාවේ පවතින රෙගුලාසීන් අනුව මෙරටදී පැමිණීමේ වීසා, වාස වීසා සහ මාර්ගස්ථ වීසා යන වීසා වර්ග තුන නිකුත් කරයි. ඒ අතුරින් පැමිණීමේ වීසා සහ වාස වීසා යන වීසා කාණ්ඩ දෙකෙහි […]

මෙතෙක් ඉතිහාසයේ වසරක් තුළ නිකුත් කරනු ලැබූ වැඩිම විදේශ ගමන් බලපත්‍ර ප්‍රමාණය වන 911,689 ක ගමන් බලපත්‍ර ප්‍රමාණයක් පසුගිය 2022 වසරේ දී නිකුත් කරනු ලැබූ බව ආගමන හා විගමන පාලක ජනරාල් අයි.එස්.එච්.ජේ. ඉළුක්පිටිය පවසයි. 2022 වර්ෂයේ ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව ඉදිරිපත් කරමින් ඔහු මේ බව කියා සිටී. මෙහිදී […]

හෙට (15) සිට මාර්ගගත ක්‍රමය (Online) ඔස්සේ විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමට අදාළ වැඩපිළිවෙල ආරම්භ කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පවසයි. අමාත්‍යවරයා සඳහන් කළේ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රධානත්වයෙන් එහි සමාරම්භක වැඩසටහන හෝමාගම ප්‍රදේශීය ලේකම් කාර්යාලයේ දී සිදුකිරීමට නියමිත බවය. මහජනතාවට වඩාත් පහසුවෙන් විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීමට අවස්ථාව […]

විදේශයන්හි  ශ්‍රී ලාංකිකයින්ට නව විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීම  සහ විදේශ ගමන් බලපත්‍රය අලුත් කිරීම සඳහා අයදුම් කිරීම  අනිද්දා (01) සිට අන්තර්ජාලය ඔස්සේ කළ හැකි බව  ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පවසයි. විදේශගත ශ්‍රී ලාංකිකයන්ට තම රටවල ශ්‍රී ලංකා තානාපති කාර්යාලවලට නොපැමිණ අන්තර්ජාලය හරහා ගමන් බලපත්‍ර සඳහා ඉල්ලුම් […]

ශ්‍රී ලාංකික ළමුන් යුරෝපයට අලෙවි කළ සැකකාර මැලේසියානු අඹුසැමි යුවළක් අත්අඩංගුවට ගැනීමට එරට ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් සමත් වූ බව එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල් දටුක් රුස්ලින් ප්‍රකාශ කර ඇත. මෙම යුවළ යුරෝ 30000 ත් 50000 ත් (ශ්‍රී ලංකා රුපියල් 10543312 – 17572187) අතර මුදලක් එක් ළමයෙක් සඳහා අය […]

ලබන සඳුදා (26දා) රජයේ නිවාඩු දිනයක් බවට ප්‍රකාශයට පත්කිරීම නිසා ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයෙන් විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීමට ලබන සඳුදා (26දා) වේලාවක් ලැබී ඇති සියලු අයදුම්කරුවන් සඳහා එම සතියේ ඉතිරි දින හතරේ දිනයක් සහ වේලාවක් වෙන්කර ඇති බව ආගමන විගමන පාලකවරයා පවසයි. එම නිසා 2022.12.26 සඳුදා දින ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.