ලංකාවේ දැන් අල්ලස් පටන් ගන්නෙ 10%න් . . .

විදේශ ව්‍යාපෘති වලින් සියයට තුනක් අල්ලස් ගැනීමට 77 වසරේ දී ඇරැඹුණු  ක්‍රමය පසුව 5%සහ  10% වශයෙන් වර්ධනය වී දැන් සියයට කීයක් ගන්නවද කියා  තමා වත් දන්නේ නැතැයි  සමගි ජන බලවේගයේ කලුතර දිස්ත්‍රික් මන්ත්‍රී කුමාර වෙල්ගම පාර්ලිමේන්තුවේ දී පැවසීය.

“මේක ඒ පැත්තෙත් මේ පැත්තෙත් බිස්නස් එක ඒ නිසා අල්ලස දිගටම තියෙන දෙයක්” බවද කුමාර වෙල්ගම කීය.

පිට රටවල් වල පවා මෙවැනි  අල්ලස් ගන්නා බවද  ඒ රටවල ගන්නේ සියයට තුනක් නමුත් ලංකාවෙි දැන් අල්ලස පටන් ගන්නේ සියයට දහයෙන් බවද  කුමාර වෙල්ගම පැවසීය.

ලොකු හොරකම් අල්ලන්න කියා යහපාලන ආණ්ඩුව පැමිණි අතර විපක්ෂයේ හිටපු ඔක්කොම එකට එකතු වු බවද වෙනම පොලිසියකුත් දමා හිටපු රාජ්‍ය නායකයන් පවා ඊට  ගෙන්වා  ගත් බව කී වෙල්ගම අන්තිමට  එක්කෙනෙක්වත් ඇල්ලුවෙ නැතැයි ද එය බොරු පුස්සක් බවට පත් වූ බවද සඳහන් කළේය.

දූෂණ විරෝධී පනත් කෙටුම්පත පිළිබඳ විවාදයට සහභාගී වෙමින් කුමාර වෙල්ගම මේ බව කීය.

  • අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

විද්‍යුත් වාහන මිලදීගන්නා පුද්ගලයින්ට සහනයක් . . .

Wed Jun 21 , 2023
විද්‍යුත් වාහන වෙළෙඳාම ප්‍රවර්ධනය සඳහා චීනය විසින් සුවිශේෂී සැලසුමක් ක්‍රියාත්මක කර තිබේ. එම සැලසුම අනුව ඩොලර් බිලියන 72.3ක සහනයක් විද්‍යුත් වාහන මිලදීගන්නා පුද්ගලයින්ට හිමිවෙයි. එමගින් විද්‍යුත් වාහන සඳහා ඇති ඉල්ලුම සැලකිය යුතු ලෙස ඉහළ යා හැකි බව චීන බලධාරීන් පවසයි. මෙම නිවේදනයත් සමගම මෝටර් රථ නිෂ්පාදන සමාගම් වල කොටස් මිල සීග්‍රයෙන් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x