පාර්ලිමේන්තු  මන්ත්‍රීන්ට තීරු බදු රහිත වාහන බලපත්‍රය ලබාදීමේ තීරණය සාකච්ඡා පසුවට කල් තැබීමට තීරණය කර ඇතැයි දැනගන්නට ඇත . පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මේ කාරණය පසුගිය 9 වැනිදා පැවති  සාකච්ඡා කර ඇතත් විවිධ ප්‍රතිවිරෝධතා හේතුවෙන් පැහැදිලි තීරණයක් ගැනීමට හැකිවී නැතැයි එම වාර්තා කියයි. ජනතාව ආර්ථික අතින් අන්ත අසරණ තත්ත්වයට පත්ව සිටින […]

සමගි ජන බලවේග පක්ෂයේ බලය ලබාගැනීමට කටයුතු කරන බව හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ ගේ ස්වාමිපුරුෂයා වන සේනක ද සිල්වා සඳහන් කරයි. දුරකථනය ලකුණෙන් ඉදිරි මැතිවරණ වලට තරඟ කිරීමට කිසිදු අවස්ථාවක් සජිත් ප්‍රේමදාස ට ලබා නොදෙන බවත් ඊට වුවමනා කරන නීතිමය කටයුතු කරමින් සිදු කරමින් සිටින බවත් හෙතෙම සඳහන් පැවසීය. […]

සමගි ජන බලවේගයේ ජාතික ලයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස මුජිබර් රහුමාන් පත් කිරීමේ වැඩි ඉඩක් ඇති බව වාර්තා වේ. ඩයනා ගමගේ ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අහෝසි කිරීමත් සමග එම පක්ෂයේ ජාතික ලයිස්තු මන්ත්‍රී ධුරයක් පුරප්පාඩු වී තිබේ. මුජිබර් රහුමාන් පසුගිය මැතිවරණයෙන් කොළඹ දිස්ත්‍රික්කයට තරග කර පාර්ලිමේන්තුවට තේරී පත් විය. […]

සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම ට මාස තුනක නිවාඩුවක් පාර්ලිමේන්තුව විසින් අනුමත කර ඇත. මෙම යෝජනාව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී. පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරන්නේ අසනීප තත්ත්වයෙන් පසුවන හෙයින් වෙල්ගම ට මෙසේ නිවාඩුවක් ලබාදීමට කටයුතු කර ඇති බවය. lanka C […]

මහාචාර්ය ජී.එල් පීරිස් මන්ත්‍රීවරයාට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර ඇත. පක්ෂයේ විධායක සභාව එම තීරණය ගත් බව එහි මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් පැවසුවේය. සමගි ජන බලවේගය සමග එකඟතා ගිවිසුමකට අත්සන් තැබීම හේතුවෙන් ජී.එල්. පීරිස් මන්ත්‍රීවරයාට එරෙහිව මෙසේ විනය ක්‍රියාමාර්ග ගන්නා බව ශ්‍රී ලංකා […]

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විදෙස් ගතවීම සම්බන්ධයෙන් සැකයක් පවතින බව සමගි ජන බලවේගය පක්ෂයේ කාවින්ද ජයවර්ධන මන්ත්‍රීවරයා පවසයි. මෛත්‍රීපාල සිරිසේන විසින් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකර ඇති තත්ත්වයක් තුළ ඔහු මෙලෙස විදෙස් ගත වීම ගැටලුවක් බව මන්ත්‍රීවරයා පෙන්වාදෙයි. එම ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස ඉල්ලා කාවින්ද ජයවර්ධන මන්ත්‍රීවරයා විසින් […]

සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම දේශපාලන පිල් මාරුවකට සූදානම් වන බව වාර්තා වෙයි. ඔහු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු සමග සම්බන්ධ වීමට සූදානමින් සිටින අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සමඟ ද ඔහු මේ සම්බන්ධයෙන් අදහස් හුවමාරු කරගෙන ඇත. අලුත් අවුරුද්දට පෙර පැවැත්වෙන ජන හමුවකදී […]

එළඹෙන අප්‍රේල් මස පස්වෙනිදා සමගි ජන සන්ධානය එලි දක්වන බව සමගි ජන බලවේග මැතිවරණ මෙහෙයුම් ප්‍රධානී හිටපු ඇමැති සුජීව සේනසිංහ සඳහන් කරයි. ඒ සඳහා ආණ්ඩුවේ අමාත්‍ය ධූර දරන පිරිසක්ද එක්වීමට කැමැත්ත පළකර තිබෙන බවද පැවසූ ඔහු ඒ ඇතුළු තවත් බොහෝ පිරිසක් තම පක්‍ෂය සමඟ එක්වීමට නියමිත බවත් පැවසීය. නමුත් දේශපාලන […]

විදෙස් රැකියා ලබා දෙන බව පවසා මුදල් වංචා කිරීම් ඇතුළු චෝදනා කිහිපයක් සම්බන්ධව පවරා ඇති නඩුවකට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අවශ්‍යව සිටින ප්‍රසිද්ධ රංගන ශිල්පිනී දමිතා අබේරත්න සහ ඇගේ සැමීය සිය නිවසෙන් අතුරුදහන් වී ඇතැයි වාර්තා වේ. දමිතා අබේරත්න සහ ඇගේ සැමියා වන ලෙන්ලි ජොන්සන් යන අය අත්අඩංගුවට ගැනීමට අපරාධ […]

තමන් ඉල්ලීමක් කළහොත් ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වීමට සූදානම් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහ ලේකම් දයාසිරි ජයසේකර පවසයි. රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පෙන්වා දුන්නේ ශ්‍රී ලංකාවේ සියලුම ජනකොටස්වලින් තමාට හොඳ පිළිගැනීමක් ඇති බවයි. විපක්ෂයේ සමගි ජන බලවේගය (SJB) සහ එක්සත් ජාතික පක්ෂය (UNP) ඇතුළු […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.