දමිතා CIDය මග හැර නිවසෙන් පැනයයි . . .

විදෙස් රැකියා ලබා දෙන බව පවසා මුදල් වංචා කිරීම් ඇතුළු චෝදනා කිහිපයක් සම්බන්ධව පවරා ඇති නඩුවකට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අවශ්‍යව සිටින ප්‍රසිද්ධ රංගන ශිල්පිනී දමිතා අබේරත්න සහ ඇගේ සැමීය සිය නිවසෙන් අතුරුදහන් වී ඇතැයි වාර්තා වේ.

දමිතා අබේරත්න සහ ඇගේ සැමියා වන ලෙන්ලි ජොන්සන් යන අය අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් බොරලැස්ගමුවේ ඇය පදිංචි නිවසට ගියද ඔවුන් එහි සිට නැත.

කොරියාවට යවන බව පවසා රුපියල් ලක්ෂ 30ක මුදලක් වංචා කරන ලද බව කියන මෙකී නඩුකරයට අදාළව තමන් අත්අඩංගුවට නොගන්නා ලෙස ඉල්ලමින් අපේක්ෂිත ඇප ඉල්ලීමක් කර තිබුණද විමර්ශන කටයුතු සඳහා සහාය නොදී මගහැර සිටීම සහ විගාමික පණතේ 45(ඇ) වගන්තිය යටතේ කරුණු වාර්තා කර තිබීමත් නිසා ඇප ලබා දීම නොහැකි බව අධිකරණය ප්‍රකාශ කර තිබිණි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දමිතා අබේරත්න සහ ඇගේ සැමියා වන ලෙන්ලි ජොන්සන් යන අය අත්අඩංගුවට ගොස් තිබුණේ ඉන් අනතුරුවය.

රංගන ශිල්පී දමිතා අබේරත්න විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ කලා කටයුතු සහ කලාකරුවන් සම්බන්ධීකරණය කිරීම පිලිබඳව කටයුතු කරන අතර සමගි ජන බලවේගයේ රැස්වීම්වල ප්‍රධාන පෙලේ කථිකයෙකි.

  • lankatruth
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ලංගමට පාඩු කරන්නේ හොර කොන්දොස්තරලා . . .

Thu Mar 28 , 2024
ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ ආදායම් අඩුවීමට ප්‍රධානම හේතුව කොන්දොස්තරවරුන් සොරකම් කිරීම යැයි ලංකා ගමනා මණ්ඩලයේ සභාපති ලලිත් ද අල්විස් පැවසීය. කොන්දොස්තරවරුන් මගීන්ගෙන් මුදල් අයකර ගෙන ප්‍රවේශපත්‍ර නිකුත් නොකිරීම වැඩි වශයෙන් සිදුවන බවත්, ඒ බව කරන ලද විමර්ශනවලදී තහවුරු වී ඇති බවත් සභාපතිවරයා කීවේය. මණ්ඩලය විසින් ජංගම පරීක්ෂකවරුන් යොදවා වැටලීම් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x