මුදල් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි රංගන ශිල්පිනී දමිතා අබේරත්න සහ ඇගේ සැමියා ඇප මත මුදාහැර තිබේ. එක් අයෙකුට රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඔවුන්ව මුදාහරින ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අද (24) නියෝග කළේය. aruna

මුල්‍ය වංචා චෝදනා මත අත්අඩංගුවට ගෙන සිටින රංගන ශිල්පිණී දමිතා අබේරත්න සහ ඇගේ සැමියා මේ මස 24 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. ඒ අද කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදීය. සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව අධිකරණය […]

ප්‍රවීණ රංගන ශිල්පී දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන තිබේ. විදේශ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින රංගන ශිල්පිනී දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා අද (04) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට බාර වීමෙන් අනතුරුව ඔවුන්ව මෙලෙස අත්අඩංගුවට ගැනීමට කටයුතු කර […]

පුද්ගලයෙකු රට යවන බව පවසමින් රුපියල් ලක්ෂ තිහක මුදලක් වංචා කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් රංගන ශිල්පිණි දමිතා අබේරත්න හා ඇගේ සැමියා මෙතෙක් අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරින් අසමත්ව ඇත. පසුගිය 27 වැනිදා ඔවුන්ගේ බොරලැස්ගමුව පැපිලියාන පිහිටි නිවසට පොලිස් නිලධාරින් ගියද ඒ වන විටත් ඔවුන් දෙදෙනා එම නිවසෙන් පලා ගොස් තිබිණ. […]

විදෙස් රැකියා ලබා දෙන බව පවසා මුදල් වංචා කිරීම් ඇතුළු චෝදනා කිහිපයක් සම්බන්ධව පවරා ඇති නඩුවකට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අවශ්‍යව සිටින ප්‍රසිද්ධ රංගන ශිල්පිනී දමිතා අබේරත්න සහ ඇගේ සැමීය සිය නිවසෙන් අතුරුදහන් වී ඇතැයි වාර්තා වේ. දමිතා අබේරත්න සහ ඇගේ සැමියා වන ලෙන්ලි ජොන්සන් යන අය අත්අඩංගුවට ගැනීමට අපරාධ […]

කොරියාවේ රැකියා ලබා දෙන බව පවසා, රුපියල් ලක්ෂ 30 ක මුදලක් වංචා කළැයි කියමින් එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් තමන් අත් අඩංගුවට නොගන්නා ලෙස ඉල්ලමින් ප්‍රසිද්ධ රංගන ශිල්පිනියක වන දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා ගොනු කර තිබූ අපේක්ෂිත ඇප අයැදුම් පත්‍ර කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ අද (27) ප්‍රතික්ෂේප කළේය. දමිතා […]

රංගන ශිල්පිනී දමිතා අබේරත්න ගේ රුධිර සාම්පල් ලබා ගැනීමට අධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබේ. ඒ පසුගිය අරගල සමයේ ජනාධිපති මන්දිරයට හා ජනාධිපති ලේකම් කාර්යාලයට බලහත්කාරයෙන් ඇතුළු වීමක් සිදු කළ බවට එල්ල වන චෝදනාව සම්බනධයෙන් සිදු කරන පරීක්‍ෂණවලට අදාළවයි. මේ වන විටත් දමිතා අබේරත්න අදාල චෝදනාව මත රක්ෂිත බන්ධනාගාර ගතව […]

කොරියාවේ රැකියා ලබා දෙන බව පවසා රුපියල් ලක්ෂ 30ක මුදලක් වංචා කළැයි කියමින් ප්‍රසිද්ධ රංගන ශිල්පිණීයක් වන දමිතා අබේරත්න සහ ඇයගේ සැමියාට එරෙහිව පැවරූ පැමිණීල්ල ලබන මස 20 වැනිදා යළි කැඳවීමට කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ අද (06) නියම කළේය. සිද්ධියට අදාළ පැමිණීල්ල කැඳවු අවස්ථාවේදී පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ අංශය විසින් […]

ජනප්‍රිය නිළි දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා විසින් ගොනුකර ඇති අපේක්ෂිත ඇප අයදුම් පතට අදාළ විමසීම් අවසන් වනතෙක් වරෙන්තුවක් නොමැතිව ඔවුන් අත්අඩංගුවට නොගන්නා ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් තිලිණ ගමගේ පොලිසියට ඊයේ (28 වැනිදා) නියෝග කළේය. කොරියාවේ රැකියා ලබා දෙන බව පවසා රුපියල් ලක්ෂ 30 කට ආසන්න මුදලක් වංචා කරන ලදැයි […]

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී සමගි ජන බලවේගය යටතේ රංගන ශිල්පිනී දමිතා අබේරත්න ගම්පහ දිස්ත්‍රික්කයෙන් තරග කිරීමේ සූදානමක් පවතින බවට වාර්තා වෙයි. ඒ සදහා මේ වන විටත් සමගි ජන බලවේගයේ නායකත්වය ඇතුළු ගම්පහ දිස්ත්‍රියක්යේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එයට කැමැත්ත පළකර ඇතැයිද සදහන්ය. ඒ අනුව ඉදිරියේදී ඇය ගම්පහ දිස්ත්‍රික්කයේ සිය දේශපාලන කටයුතු ආරම්භ කිරීමට […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.