නව පොලිස්පති ධූරය දේශබන්දු තෙන්නකෝන්ට හිමි වෙයි . . .

මේ වන විට බස්නාහිර පළාතේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස කටයුතු කරන දේශබන්දු තෙන්නකෝන්  මීළඟ පොලිස්පති ධුරය සඳහා පත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මහජන ආරක්ෂක අමාත්‍යංශයට ඊයේ දිනයේ දැනුම් දී ඇතැයි වාර්තා වනවා ජනාධිපති කාර්යාලයේ දී ඊයේ දින පැවති සාකච්ඡාවේදී මේ බව දැනුම් දී ඇත. වර්තමාන පොලිස්පති චන්දන වික්‍රමරත්න මේ මස 23 වැනිදා සිය ධුරයෙන් විශ්‍රාම යාමට නියමිතව තිබේ.

දේශබන්දු තෙන්නකෝන් පොලිස් සේවයට එක් වූයේ සහකාර පොලිස් අධිකාරී වරයෙකු වශයෙනි. ඔහු නාලන්දා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් උපාධිය ලබා ගත් අයෙකි.

මේ අතර පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නට සේවා දිගුවක් ලබාදීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ අවධානය යොමුව ඇතැයි ද වාර්තා වනවා. ඒ අනුව පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න  ඔහුගේ විශ්‍රාම වැටුප් ගොණුව සකස් කර අවසන් කර තිබුණා.

එහෙත් එම විශ්‍රාම වැටුප් ගොණුව විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට පොලිස් සුබසාධන කොට්ඨාශය විසින් මේ දක්වා ලබාදී නොමැති බවටයි පොලිස් ආරංචිමාර්ග සඳහන් කළේ.

 

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

හිමිවරුන් දෙදෙනෙකුගේ උපකාරයෙන් "බූරු මූණා" අත්අඩංගුවට . . .

Fri Mar 17 , 2023
මනුෂ්‍ය ඝාතන සහ අපරාධ රැසක් සම්බන්ධයෙන් පොලීසියට අවශ්‍යව සිටි රවිඳු සංඛ ද සිල්වා නොහොත් ‘බූරු මූණා’ ව අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ අවිස්සාවේල්ල ප්‍රදේශයේදී සැකකරුව අත්අඩංගුවට ගෙන ඇති බවය. සැකකරුට අධිකරණය විසින් විදෙස් ගමන් තහනමක් ද පනවා තිබුණි. බස්නාහිර පළාත් දකුණ දිසාව විසින් සිදුකළ කරුණු දැක්වීමෙන් අනතුරුව අවිස්සාවේල්ල මහාධිකරණය විසින් එම […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x