පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශය පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට නියමිත බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පවසයි. ඒ අනුව ඊට අදාළ ප්‍රකාශය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හෙට (25) ලබාගන්නා බව පොලිස්පතිවරයා සඳහන් කළේය. aruna

  ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලි­ස්පති සහ වැඩ­බ­ලන පොලි­ස්පති දේශ­බන්දු තෙන්න­කෝන් නව පොලි­ස්ප­ති­ව­රයා ලෙස ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ විසින් පත් කර තිබේ. ශ්‍රී ලංකා ප්‍රජා­තා­න්ත්‍රික සමා­ජ­වාදී ජන­ර­ජයේ ආණ්ඩු­ක්‍රම ව්‍යව­ස්ථාවේ 41ඇ.(1) හා 61 ඉ.(ආ) වන ව්‍යව­ස්ථා­වන්හි විධි­වි­ධාන ප්‍රකා­රව,  ජනා­ධි­ප­ති­ව­රයා වෙත පැවරී ඇති බල­තල අනුව මෙම පත්කි­රීම සිදු කර ඇත. ඊට අදාළ පත්වීම් ලිපිය ජනා­ධි­පති […]

දේශබන්දු තෙන්නකෝන් ගේ වැඩ බලන පොලිස්පති ධුර කාලය එළඹෙන 26 වන දින අවසන් වීමට නියමිතව තිබේ. ජනාධිපතිවරයා විසින් ඔහු මාස තුනක කාලයක් පොලිස්පති ධුරයේ වැඩ බැලීම සඳහා පත්කරන ලද්දේ ව්‍යවස්ථා සභාවේ අනුමැතිය ද ඇතිවයි. ඒ අනුව දේශබන්දු තෙන්නකෝන් ට තවදුරටත් සේවා දිගුවක් ලබා දෙන්නේද එසේ නැතිනම් ඔහු පොලිස්පති ධුරයේ දුරට […]

දේශබන්දු තෙන්නකෝන් වැඩබලන පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම සඳහා ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සැලසුම් කර ඇති බව බුද්ධි අංශ අනාවරණ කරගෙන තිබේ. ඩුබායි සිට මෙරටට ගෙන එන ලද පියුමා නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරු විසින් කර ඇති ප්‍රකාශ මත පදනම්ව සකස් කළ බුද්ධි අංශ වාර්තාවක් ජනාධිපති කාර්යාලයට දී ඇති අතර එමගින් මේ බව හෙළි […]

රටින් පළා ගොස් සිටින අපරාධකරුවන් 42ක් අත්අඩංගුවට ගැනීම සඳහා රතු නිවේදන 42ක් නිකුත් කර ඇති බව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් කියයි. මෙම 42 දෙනා අන්තර්ජාතික පොලිසියේ සහය ඇතිව මෙරටට ගෙන්වා ගැනීමට සමීපව කටයුතු කරමින් සිටින බව ද හෙතෙම කියයි. ඩුබායි රාජ්‍යයේ සිට ඊයේ මෙරටට ගෙන්වාගත් ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ සංවිධානාත්මක […]

පොලිස් නිලධාරින් සිවිල් ඇඳුමින් රාජකාරි සිදු කරන අවස්ථාවල දී පරීක්‍ෂා කිරීම් සඳහා රථවාහන නැවැත්වීමට කටයුතු නොකරන ලෙසට තමන් නව උපදෙස් මාලාවක් ලබා දුන් බව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පවසයි. එම නව උපදෙස් මාලාව ඊයේ (19) දිනයේ සියලුම පොලිස් ස්ථානවලට යොමු කළ බව ඔහු පැවසීය. පසුගිය 18 වනදා නාරම්මල ප්‍රදේශයේ දී […]

මාර්ග නීති කඩ කරන රියදුරන් හඳුනා ගැනීමේ විශේෂ වැඩසටහන ජනවාරි 22 වැනි දා සිට ආරම්භ කරන බව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ප්‍රකාශ කරයි. කොළඹ නගරයේ ස්ථාපනය කර ඇති CCTV පද්ධතිය හරහා නිරීක්ෂණය කරමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතය. ඒ අනුව රථවාහන වැරදිකරුවන් හඳුනාගෙන, දඩ පත්‍රිකා වාහනයේ ලියාපදිංචි හිමිකරුගේ ළඟම ඇති […]

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය සිදු කරන යුක්තිය මෙහෙයුම සම්බන්ධයෙන් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරිය සැක මතු කරයි. ඇය චෝදනා කරන්නේ මෙහෙයුමේදී තෝරාගත් ප්‍රදේශවල මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් අත්අඩංගුවට ගැනීමේ වැටලීම් සිදු නොකරන බවයි. මත්ද්‍රව්‍ය ජාවාරම් කරන දේශපාලඥයන් සිටිනා බව කවුරුත් දන්නා බවත් දෙමටගොඩ වැනි ප්‍රදේශවල ප්‍රබලව ක්‍රියාත්මක වන බවත් ඇය කියා […]

බණ්ඩාරනායක ගුවන් තොටුපොළ තුළ ස්වයංක්‍රීය මුහුණු හඳුනාගැනීමේ පද්ධතියක් ස්ථාපිත කර තිබෙනවා. අපරාධ, නීතිවිරෝධී ක්‍රියාවලට සම්බන්ධ පුද්ගලයන් පැමිණෙන විට හෝ පිටව යන අවස්ථාවල දී හඳුනාගැනීම සඳහා මෙම පද්ධතිය ස්ථාපිත කර ඇති බවයි සඳහන් වන්නේ. මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් සහ වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ගේ මඟ පෙන්වීම යටතේ මෙය ක්‍රියාත්මක කර […]

3

වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු පොලිස් නිලධාරීන් තිදෙනෙකු වධහිංසා පැමිණවීමේ චෝදනාවට වරදකරු කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දී ඇති තීන්දුව සැලකිල්ලට ගෙන වහාම නඩු පවරන ලෙස මෙරට ප්‍රමුඛ පෙළේ නීති උපදේශක කණ්ඩායමක් වන නීතීඥ සාමූහිකය නීතිපතිවරයාගෙන් ඉල්ලා සිටී. දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයේ වැඩ බලන අතරතුර අපක්ෂපාතී පරීක්ෂණයක් කළ නොහැකි බැවින් ඔහු […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.