කොටුවේ සිට ත්‍රිකුණාමලේ දක්වා නව දුම්රිය සේවයක් . . .

කොළඹ කොටුවේ සිට ත්‍රිකුණාමලේ දක්වා නව දුම්රිය සේවයක් ආරම්භ කිරිමට නියමිත බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

උතුරු දුම්රිය මාර්ගයේ මහව සිට ඕමන්තෙ අතර දුම්රිය මාර්ගය නවීකරණය කිරිමේ ව්‍යාපෘතියේ දෙවනි අදියර ලෙස මහව සහ අනුරාධපුර අතර දුම්රිය මාර්ගය නවීකරණ කටයුතු ජනවාරි (7) දින සිට ආරම්භ කිරිමට නියමිත බැවින් එම මාර්ගයේ ගමන් ගත් යාල්දේවී දුම්රිය මෙලෙස කොළඹ සිට ත්‍රිකුණාමලේ දක්වා ධාවනයට යොදවා ඇත.

මෙය සීඝ්‍රගාමී දුම්රියක් වන අතර පැය 06ක් වැනි කෙටි කාලයක් තුළ ගමනාන්තයට ලගාවීමට නියමිතව ඇත.

කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පෙ.ව 5.45ට ගමන් ආරම්භා  පෙ.ව 11.52ට ත්‍රිකුණාලේ දුම්රිය ස්ථානයට ලගාවීමත්, නැවත එම දුම්රිය ත්‍රිකුණාමලේ දුම්රිය ස්ථානයෙන්  පස්වරු 12.35ට ගමන් ආරම්භ කර පස්වරු 18.39 ට කොළඔ කොටුව දුම්රිය ස්ථානයට වෙත ලගාවීමට නියමිතය.

ඉන්දියාවේ නිෂ්පාදිත වායු සමනය කල S13 බලවේග කට්ටලයක් මෙම දුම්රිය සේවාව සඳහා යොදවා ඇත.

  • dinamina
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

කතරගම ප්‍රධාන කපුවාට ඇප . . .

Wed Dec 27 , 2023
ඓතිහාසික කතරගම දේවාලයට පූජා කර තිබූ පවුම් 38 ක් බර රන් තැටියක් අස්ථානගත කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එම දේවාලයේ ප්‍රධාන කපුවා වන සොමිපාල ටී රත්නායක රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින්නැයි තිස්සමහාරාම මහේස්ත්‍රාත් තරිඳු සමීර සිල්වා අද නියෝග කළේය.   කොළඹ අපරාද දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x