ටයිටැනික් නැවේ සුන්බුන් නැරැඹීමට, සාගර පතුළට යද්දී, අතුරුදන් වූ කුඩා සබ්මැරීනයේ (කුමුඳුවේ) සිරවුණු පස් දෙනා සොයමින් සෝදිසි මෙහෙයුම් දිගටම සිදුවෙමින් පවතී. ඇමෙරිකන් වෙරළාරක්ෂක නිලධාරීන් පැවැසුවේ, සිරවුණු පස්දෙනාට ඔක්සිජන් ඇත්තේ තව පැය 30 කට පමණක් බවය. සබ්මැරීනය සොයා ගත්තත්, ඊට ළං වී සිරවුණු පිරිස බේරා ගැනීම ගැටලුවක් බව වෙරළාරක්ෂකයෝ පෙන්වා දෙති. […]

මෙම වසර තුළදී කාර්මික සංවර්ධන මණ්ඩලය සහ කර්මාන්ත අමාත්‍යාංශය එක්ව නව කර්මාන්තපුර හයක් ස්ථාපිත කිරීමට කටයුතු කරන බව කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ජේ.එම්.ටී.ජයසුන්දර පැවසුවාය. ජාතික කර්මාන්ත දිනයට සමගාමීව පැවැත්වෙන කර්මාන්ත ප්‍රදර්ශනය පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (20 වැනිදා) පැවැති මාධ්‍ය හමුවකදී ඇය මේ බව කියා සිටියාය. ජාතික කර්මාන්ත […]

විද්‍යුත් වාහන වෙළෙඳාම ප්‍රවර්ධනය සඳහා චීනය විසින් සුවිශේෂී සැලසුමක් ක්‍රියාත්මක කර තිබේ. එම සැලසුම අනුව ඩොලර් බිලියන 72.3ක සහනයක් විද්‍යුත් වාහන මිලදීගන්නා පුද්ගලයින්ට හිමිවෙයි. එමගින් විද්‍යුත් වාහන සඳහා ඇති ඉල්ලුම සැලකිය යුතු ලෙස ඉහළ යා හැකි බව චීන බලධාරීන් පවසයි. මෙම නිවේදනයත් සමගම මෝටර් රථ නිෂ්පාදන සමාගම් වල කොටස් මිල සීග්‍රයෙන් […]

විදේශ ව්‍යාපෘති වලින් සියයට තුනක් අල්ලස් ගැනීමට 77 වසරේ දී ඇරැඹුණු  ක්‍රමය පසුව 5%සහ  10% වශයෙන් වර්ධනය වී දැන් සියයට කීයක් ගන්නවද කියා  තමා වත් දන්නේ නැතැයි  සමගි ජන බලවේගයේ කලුතර දිස්ත්‍රික් මන්ත්‍රී කුමාර වෙල්ගම පාර්ලිමේන්තුවේ දී පැවසීය. “මේක ඒ පැත්තෙත් මේ පැත්තෙත් බිස්නස් එක ඒ නිසා අල්ලස දිගටම තියෙන […]

මෙතෙක් ඉතිහාසයේ වසරක් තුළ නිකුත් කරනු ලැබූ වැඩිම විදේශ ගමන් බලපත්‍ර ප්‍රමාණය වන 911,689 ක ගමන් බලපත්‍ර ප්‍රමාණයක් පසුගිය 2022 වසරේ දී නිකුත් කරනු ලැබූ බව ආගමන හා විගමන පාලක ජනරාල් අයි.එස්.එච්.ජේ. ඉළුක්පිටිය පවසයි. 2022 වර්ෂයේ ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව ඉදිරිපත් කරමින් ඔහු මේ බව කියා සිටී. මෙහිදී […]

පූජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමි ලබන 5වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අද අධිකරණය නියෝග කර තිබේ. ආගමික සහජීවනයට හානි සිදුවන ආකාරයේ ප්‍රකාශ සිදුකළ බවට එම හිමි අනුරාධපුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාරගතකර තිබුණි.

බුදු දහමට අපහාසාත්මක ප්‍රකාශයක් කළැයි කියන චෝදනාව මත අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයට පත් කර සිටින නතාෂා එදිරිසූරිය ජූලි 5 වැනි දා තෙක් තවදුරටත් රිමාන්ඩ් බාරයේ තබන්නැයි අධිකරණය නියෝග කළේය. නතාෂා එදිරිසූරියට අනුබලදුන්නේ යැයි කියන සිද්ධියකට අත්අඩංගවට ගෙන දැනට රිමාන්ඩ් බාරයේ සිටින බෘෘනෝ දිවාකර අප මත මුදා හරින්නැයි ද අධිකරණය නියෝග […]

තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා දේවගැති ජෙරම් ප්‍රනාන්දු ඉදිරිපත් කර තිබූ රිට් පෙත්සම අභියාචනාධිකරණය වෙතින් ඉල්ලා අස්කර ගෙන තිබේ. මෙම පෙත්සම අද අභියාචනාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී දේවගැතිවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණය හමුවේ කරුණු දක්වමින් අදාළ පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අවසර දෙනමෙන් ඉල්ලා සිටියේය. ඒ අනුව පෙත්සම […]

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 7 වන විධායක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගේ 74 වන ජන්ම දිනය වෙනුවෙන් විශේෂ බෝධිපූජාමය පින්කමක් ඊයේ (20)  නාරාහේන්පිට ගෞතම විහාරස්ථානයේ දී පවත්වනු ලැබුවා. මෙම අවස්ථාවට කෝට්‍‍ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහානායක අතිපූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර නායක මාහිමිපාණන් වහන්සේ, අස්ගිරි පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ […]

එදිරිවීර සරත්චන්ද්‍රයන්ගේ මනමේ නාට්‍යයේ මනමේ කුමාරයා වූ දොරෝව්ව මහා විද්‍යාලයේ නර්තණ ආචාරය ප්‍රවීන වේදිකා නාට්‍ය ශිල්පී පී.ඒ. සුනිල් තිලකරත්න  මහතා අද (21) අලුයම අභාවප්‍රාප්තවිය. මීරිගම බැද්දෙගෙදර කිතලවලාන පදිංචිව සිටි තිදරු පියෙකුවූ  ඔහු මියයනිවිට 52 හැවිරිදි වියේ පසුවිය. මනමේ කුමාරයා ලෙස කාගේත් හැදින්වීමට ලක්වූ ඔහු සිංහබාහු, නරිබෑනා,  අසිනිවැස්ස,   රෑකඩ රාජ්ජේ ඇතුලු […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.