අතුරුදන් සබ්මැරීනය සොයා මෙහෙයුම් දිගටම . . .

ටයිටැනික් නැවේ සුන්බුන් නැරැඹීමට, සාගර පතුළට යද්දී, අතුරුදන් වූ කුඩා සබ්මැරීනයේ (කුමුඳුවේ) සිරවුණු පස් දෙනා සොයමින් සෝදිසි මෙහෙයුම් දිගටම සිදුවෙමින් පවතී. ඇමෙරිකන් වෙරළාරක්ෂක නිලධාරීන් පැවැසුවේ, සිරවුණු පස්දෙනාට ඔක්සිජන් ඇත්තේ තව පැය 30 කට පමණක් බවය.

සබ්මැරීනය සොයා ගත්තත්, ඊට ළං වී සිරවුණු පිරිස බේරා ගැනීම ගැටලුවක් බව වෙරළාරක්ෂකයෝ පෙන්වා දෙති. පසුගිය ඉරිදා (18) රාත්‍රියේ, පිරිස අතුරුදන් වූයේ ‘ටයිටන්’ නමැති සබ්මැරීනයෙන්, අඩි 3,800 ක් පහළින් ඇති ටයිටැනික් නැවේ සුන්බුන් ඇති ස්ථානය බලා යමින් සිටිද්දීය.

ඇමෙරිකා වෙරළාරක්ෂකයන් සබ්මැරීනය සෙවීමේ මෙහෙයුමට නායකත්වය දෙන අතර, ප්‍රංශ වෙරළාරක්ෂකයන්, නාවික සහ ගුවන් හමුදාව මෙහෙයුම් සඳහා එක් වී සිටී. ඊට අමතරව, ප්‍රංශ රජය ද ඔවුන්ගේ නාවික යාත්‍රාවක් සෝදිසි මෙහෙයුමට එක්  කර තිබේ.

මුහුදේ වර්ග කිලෝ මීටර් 20,000 ක ප්‍රදේශයක සෝදිසි මෙහෙයුම් ක්‍රියාම්තක වන බව ද වාර්තා වේ. රේඩාර්වලින් සමන්විත විශේෂ ගුවන් යානා සහ මුහුදු පතුල ගවේෂණය කරන නාවික යාත්‍රා මෙහෙයුමට එක් වී සිටින බව වාර්තා වේ. සබ්මැරීනයේ සිරවුණු පිරිස සම්බන්ධයෙන් ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් කනස්සල්ල පළ කර තිබේ. පිරිස බේරා ගැනීමට හැකි සෑම දෙයක්ම ඇමෙරිකා රජය සිදු කරන බව බයිඩන් මාධ්‍ය හමුවේ පවසා තිබේ.

1912 වසරේ අප්‍රේල් 14 වැනිදා ගිලුණු ටයිටැනික් නෞකාවේ සුන්බුන් නැරැඹීමට සංචාරකයන් රැගෙන යෑම සිදුකරන්නේ ‘ඕෂන්ගේට් එක්පෙඩිෂන්ස්’ සමාගමය.

‘ඕෂන්ගේට් එක්පෙඩිෂන්ස්’ සමාගම ටයිටැනික් නැව ගිලුණු ස්ථානයට ගොස් සුන්බුන් නැරැඹීමට සලස්වා ආපසු එම දින 8 කින් සිදු කරයි. ටයිටැනික් නැවේ සුන්බුන් නැරැඹීම වෙනුවෙන් එක් අයකුගෙන් ඇමෙරිකන් ඩොලර් 250,000 ක මුදලක් අය කෙරේ. ‘ඕෂන්ගේට් එක්පෙඩිෂන්ස්’ ඔවුන්ගේ මෙහෙයුම් ආරම්භ කර ඇත්තේ 2021 වසරේ සිටය.

අතුරුදන් වුණු කුමුඳුවේ නියමුවා පෝල් හෙන්රි නාර්ජියෝලේ ය. අවස්ථා ගණනාවකදී ටයිටැනික් නැවේ සුන්බුන් ගවේෂණයට ගිය මොහු ප්‍රංශ ජාතික විශ්‍රාමික නාවික හමුදා නිලධාරියෙකි.

සංචාරකයන් ටයිටැනික් නැවේ සුන්බුන් නැරැඹීමට කටයුතු සංවිධානය කරන ‘ඕෂන්ගේට් එක්පෙඩිෂන්ස්’ සමාගමේ උපසභාපති ස්ටොකොන් රෂ් ද අතුරුදන් සබ්මැරීනයේ සිටී.

සංචාරකයන් ලෙස ගමනට එක්වූයේ බ්‍රිතාන්‍ය ජාතික බිලියනපති  හාමීෂ් හාඩින්ය. මොහු ‘ඇක්ෂන් ඒවියේෂන්’ නමැති ගුවන් සමාගමේ ප්‍රධානියාය. අනෙක් දෙදෙනා ‘එන්ග්‍රෝ’ සමාගමේ උප සභාපති බ්‍රිතාන්‍ය පාකිස්තාන ජාතික ෂෙහ්සාද් දාවුද් සහ ඔහුගේ 19 හැවිරිදි පුතු සුලෙයිමාන් ය. පාකිස්තානයේ ධනවත්ම පුද්ගලයන්ගෙන් කෙනෙකු ලෙස ෂෙහ්සාද් දාවුද් සැලකෙයි.

 



Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

DSI අධ්‍යක්ෂකගේ නිවසට වෙඩි ප්‍රහාරයක් . . .

Thu Jun 22 , 2023
බොරැල්ල හරස් පාරේ පිහිටි නිවසක ගේට්ටුවට අද අළුයම වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබේ. බොරැල්ල පොලිසිය සඳහන් කරන්න අද අලුයම පහට පමණ මෙම වෙඩි තැබීම සිදුව ඇති බවත් ගේට්ටුවේ වෙඩි පහර දෙකක් සලකනු වී ඇති බවත්ය. මෙම නිවස මෙරට ප‍්‍රසිද්ධ ව්‍යාපාරයක් වන DSI සමූහ ව්‍යාපාරයේ විධායක අධ්‍යක්ෂ සජිත් රාජපක්ෂ ගේ බවද වාර්තා […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x