ජෙරම් පෙත්සම ඉල්ලා අස්කර ගනී . . .

තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා දේවගැති ජෙරම් ප්‍රනාන්දු ඉදිරිපත් කර තිබූ රිට් පෙත්සම අභියාචනාධිකරණය වෙතින් ඉල්ලා අස්කර ගෙන තිබේ.

මෙම පෙත්සම අද අභියාචනාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී දේවගැතිවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණය හමුවේ කරුණු දක්වමින් අදාළ පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අවසර දෙනමෙන් ඉල්ලා සිටියේය. ඒ අනුව පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අධිකරණය අවසර දුන්නේය.

අදාළ දේවගැතිවරයාට එරෙහිව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ පරීක්ෂණයක් සිදුකරන හෙයින් එම පෙත්සම විභාගයට නොගෙන ම නිෂ්ප්‍රභ කරන ලෙස රජයේ නීතිඥ ෂමින්ද වික්‍රම විසින් මීට පෙර අභියාචනාධිකරණය හමුවේ දැනුම් දී තිබුණි.

 

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

බෘෘනෝට ඇප . . .

Wed Jun 21 , 2023
බුදු දහමට අපහාසාත්මක ප්‍රකාශයක් කළැයි කියන චෝදනාව මත අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයට පත් කර සිටින නතාෂා එදිරිසූරිය ජූලි 5 වැනි දා තෙක් තවදුරටත් රිමාන්ඩ් බාරයේ තබන්නැයි අධිකරණය නියෝග කළේය. නතාෂා එදිරිසූරියට අනුබලදුන්නේ යැයි කියන සිද්ධියකට අත්අඩංගවට ගෙන දැනට රිමාන්ඩ් බාරයේ සිටින බෘෘනෝ දිවාකර අප මත මුදා හරින්නැයි ද අධිකරණය නියෝග […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x