රාත්‍රී නිවාසාන්තර ක්‍රීඩා උළෙල . . .

මෙම දිනවල දිවා කාළයේදී පවතින දැඩි අව් රශ්මිය නිසාවෙන් නිවාසාන්තර තරඟ නොපවත්වන ලෙස අධ්‍යාපන බළධාරීන් නියෝග කර ඇති බැවින් ඒ පිළිබදව නිර්මාණශීලීව සිතා දරුවන්ගේ දක්ශතා ගිලිහෙන්නට නොදී රාත්‍රි කාලයේ දී  සංවිධානය කල ඉතා මනරම් නිවාසාන්තර ක්‍රීඩා උත්සවයක් පිළිබදව කොළඹ දිස්ත්‍රික්කයේ කෙලවරටම වන්නට අති දුෂ්කර ප්‍රදේශයක පිහිටි ඉලුක්ඕවිට කණිෂ්ක විද්‍යාලයෙන් වාර්තා වෙයි.

මෙම අභියෝගය බාරගත්තේ වත්මන් විදුහල්පති වසන්ත උදයසිරි තම සහෝදර ආචාර්ය මණ්ඩලය හා සාකච්ඡා කර ඔවුන්ගේ දායකත්වය මත රාත්‍රි කාළයේදී විදුලිය ලබා ගැනීමට අවශ්‍ය රුපියල් අසූ දහසක මුදල සොයා ගැනීමට කටයුතු කර ඇත.

කොළඹ දිස්ත්‍රික්කයේ පිහිටි දුෂ්කරතම ප්‍රදේශයන් වන ඉලුක්ඕවිට, දිගන, දුන්කලහේන, කොස්වත්ත, ඇල්ල උඩ, ගැටේමාවර, පඥ්ඥාගුල, කඩුගොඩ කන්ද, කලටුවාව තුම්මෝදර, ලබුගම වත්ත, වගවත්ත,පඥ්ඥාගුල වත්ත වතු ආශ්‍රිත ජීවත්වන දරුවන් 596 දෙනෙකු මෙම විද්‍යාලයේ ඉගෙනුම ලබයි

මෙම ක්‍රීඩා උළෙල අලංකාර මල්වෙඩි සංදර්ශනයකින්ද වර්ණවත් වී තිබුණි.

  • dinamina
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ජල විදුලි බලාගාරයක පිපිරීමක් . . .

Wed Apr 10 , 2024
ඉතාලියේ ජල විදුලි බලාගාරයක සිදු වූ පිපිරීමකින් පුද්ගලයින් 4 දෙනෙකු මියගොස් තිබේ. උතුරු ඉතාලියේ සුවියානා විලෙහි පිහිටා ඇති මෙම ජල විදුලි බලාගාරයේ තවත් සේවකයින් පිරිසක් අතුරුදන් වී ඇති බව ද විදෙස් වාර්තාවල සඳහන් විය. විලෙහි මතුපිට සිට මීටර 30ක් පමණ ජල අභ්‍යන්තරයේ අදාළ පිපිරීම සිදුව තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x