ඖෂධ මිල හතර ගුණයකින් ඉහලට . . .

සෞඛ්‍ය අමාත්‍යාංශය පාලන වෙමින් ඇත්තේ ඖෂධ මාෆියාවේ යෙදෙන සමාගම් කිහිපයක් සමග විසින් බව සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ විද්වත් සංගමය සඳහන් කරයි.

එහි සභාපති රවි කුමුදේශ් පෙන්වා දෙන්නේ සෞඛ්‍ය අමාත්‍යවරයාට වෘත්තිය සමිති මර්දනයට බල කරමින් සිටින්නේ මෙම සමාගම් බවයි.

මෙම සමාගම් විසින් කියන කියන තාලෙට අමාත්‍යවරයාත් නටනවාද යන්න වෘත්තීය සමිති බලා සිටින බවත් ඔහු පැවසීය.

සෞඛ්‍ය සේවාවේ වියදම හතර ගුණයකින් වැඩි වී ඇති නමුත් විදුලි බිල් ඇතුළු අත්‍යවශ්‍ය සේවා සැපයුම් වලට ගෙවීම් සිදුකර නොමැති බවද පැවසූ ඔහු විදුලි බිල නොගෙවූවාට තුන් ගුණයක් වැඩි මිලට ගත් වෛද්‍ය උපකරණ මිලට ගනිමින් සිටින බවත් චෝදනා කරයි.

තවත් ඖෂධ වර්ග 130ක් දේශීයව මිලදී ගැනීමක් සිදු කිරීමට පසුගිය සතියේ අනුමැතිය ලබාදී ඇති බවත් එයින් ඖෂධ මිල හතර ගුණයකින් වැඩි වන බවත් ඔහු තවදුරටත් කියා සිටියේය.

 

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

බැසිල් දණ නමයි . . .

Sat Jul 29 , 2023
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජේෂ්ඨයන්ට අමාත්‍යධූර හිමි නොවුනා කියා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ට සහය නොදී සිටීමට හැකියාවක් නැතැයි පොදුජන පෙරමුණේ සංවිධායක බැසිල් රාජපක්ෂ සඳහන් කර ඇත. ඔහු මේ බව සඳහන් කර ඇත්තේ පොදු ජන පෙරමුණේ ජේෂ්ඨ මන්ත්‍රී පිරිසක් සමග පැවති සාකච්ඡාවකදීය. තම මතයට එකඟව ජනාධිපතිවරයා කටයුතු නොකරන්නේ නම් ඔහුට සහාය […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x